ඔහුගේ එම ඉල්ලීම මාධ්‍ය නිවේදනයක් ලෙස ද ඉදිරිපත් කර ඇත.
එම නිවේදනයට අනුව ඔහු 2022 වසරේ සිට මේ දක්වා ලංකාවට සංචාරකයින් 2,25,000 අධික පිරිසක් රැගෙන විත් ඇත. එමගින් ශ්‍රි ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 300කට ආසන්න විදේශ විනිමයක් අපයාගෙන ඇත.
ඔහු අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ මෙම කරුණු සලකා හෝ තමන්ට ඒරෙහිව සිදුකරමින් පවතින දේශපාලන පලිගැනිම් නතර කරන ලෙස යි.
මතු දැක්වෙන්නේ උදයාංග වීරතුංග විසින් රාජ්‍යයෙන් කරණ ලද ඉල්ලීම ඇතුළත් සම්පූර්ණ නිවේදනය යි.
මෙම ශීත සෘතුවෙහි දි Red Wings මත්තලට සංචාරකයන් 58,886 ක්

රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති ලෙස මාගේ මැදිහත් වීමෙන්, 2022 දෙසැම්බර් 28 දා, රුසියානු Red Wings Airlines මත්තල අතර ඍජු ගුවන් ගමන් ආරම්භය කළේය. එහිදී 2022 දෙසැම්බර් 28 සිට 2025 අප්‍රේල් 28 දක්වා ගුවන්යානා397 කින් සංචාරකයන් 153,716 ක් රැගෙනවිත් ඇති අතර මත්තල හරහා පමණක් රටට ලැබුණු විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියන 246 ක් ඉක්මවා ඇති බව සතුටින් සඳහන් කරමි.
නව රජයේ ආශිර්වාද මැද්දේ මෙම ශීත ශ්‍රිතුවේදී, 2024 ඔක්තොබර් 28 දා සිට සතියකට ගුවන් යානා 06 කින් රුසියානු සමුහාණ්ඩුවේ මොස්කව්, කසාන්, නොවොසිබිර්ස්ක්, එක්කතරින්බර්ග්, සොචි සහ සමාරා යන නගර 6 ක සිට ගුවන්යානා153 කින් සංචාරකයන් 58,886ක් මත්තල ගුවන්තොටුපළට රැගෙන ආ අතර 99% පැමිණියේ සංචාරකයින් බව ද මම සඳහන් කරමි.
ඒ අයුරින් ම 2023 දෙසැම්බර් 20 දා සිට SkyUP සහ FlyOne ගුවන්යානා මත්තල ගුවන් තොටුපළට මොල්දොවා, එස්තොනියාව, ලිතුවේනියාව, ලැට්වියාව සහ පොලන්තය යන රටවල් පහකින් ගුවන්වාර 122ක් පැමිණියේ ය. ඒ හරහා සංචාරකයින් 15,511ක් රැගෙන ආවේය. එහි දී දල වශයෙන් ඩොලර් මිලියන 24ක් පමණ විදේශ විනිමයක් රටට ලැබුණු බව සඳහන් කළ යුතු ය.
එසේ පසුගිය වසර 04 ආසන්න කාලයක් මත්තල ගුවන්තොටුපළ ප්‍රවර්ධනය කරමින් ඩොලර් මිලියන 300 කට වැඩි විදේශ විනිමයක් මත්තල හරහා රටට රැගෙන ඒම මත පමණක් වසර 9ක් පුරා මට එරෙහිව සිදුකරන දේශපාලන පළිගැනීම් නතරකර සාධාරණ විසදුමක් ලබාදීමට කාලය උදාවී ඇති බව මම විශ්වාස කරමි.

Red Wings Airlines, SkyUP සහ FlyOne යන ආයතන වල ලාංකික ඒජන්තවරයා ලෙස Tropical Aviation Services කටයුතු කරන අතර මෙරටට සංචාරකයන් රැගෙන එන්නේ “ANEX”, “FUN & SUN” යන රුසියානු සහ “JoinUP”යන යුක්රේනියානු සංචාරක ආයතනය වන අතර ශ්‍රී ලංකාව තුල “Exotic Holidays International”, “Aitken Spence Travels” සහ “Delux Holidays” ප්‍රධානතම පහසුකම් සපයන ආයත වන්නේය.
මෙම සැළසුම් සාර්ථකව කරගැනීමට මත්තල ගුවන්තොටුපළ ලබාදෙන සහයෝගයට ශ්‍රීලංකා රජයට අපගේ ගෞරවණිය ස්තුතිය පළකර සිටිමු.
අංක WZ-3078 දරණ Red Wings ගුවන්යානාව අද පාන්දර 02.15ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මගීන් 401 රැගෙන මොස්කව් දොමොදේදොවා ගුවන්තොටුපළට පිටත් විය.
ස්තුතියි!
උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති.
2024 අප්‍රේල් 28 වෙනිදා



