The Leader News
BREAKING
Top Ad
Biz

මාර්තු මාසයේ විදේශ අංශය ශක්තිමත් - ශ්‍රී ලංකා මහ බැංකුව කියයි

T

The Leader Desk

May 1, 2025 • 9:04 AM

මාර්තු මාසයේ විදේශ අංශය ශක්තිමත් - ශ්‍රී ලංකා මහ බැංකුව කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 2024 මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම් සහ ආනයන වියදම් යන දෙකෙහිම වැඩිවීමක් වාර්තා කරමින් විදේශ අංශ ක්‍රියාකාරිත්වය යහපත් තත්ත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
  • ආනයන වියදම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1637කි.
  • එහි වර්ධනය පෙර වසරට සාපේක්ෂව 8.6%කි.
  • මේ ආකාරයට ආර්ථික යහපත් මට්ටමකින් ලබා ගනිමින් වසර 2025 මාර්තු වන විට අඛණ්ඩව තුන්වැනි මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ බව ද මහ බැංකුව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


වසර 2025 මාර්තු මාසයේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1242ක් වූ අතර එය පෙර කාලයට සාපේක්ෂව 8.1%ක වර්ධනයකි. ආනයන වියදම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1637කි. එහි වර්ධනය පෙර වසරට සාපේක්ෂව 8.6%කි.

මේ ආකාරයට ආර්ථික යහපත් මට්ටමකින් ලබා ගනිමින් වසර 2025 මාර්තු වන විට අඛණ්ඩව තුන්වැනි මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ බව ද මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත්ව ගමන් කරන අතර ප්‍රධාන වශයෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වැඩි වී ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

 

මේ වසරේ මාර්තු මාසයේදී මෙරටට ලැබුණු විදේශ සේවා ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 693කි. සංචාරක පැමිණීම ඉහළ ගොස් ඇත. රජයේ සුරැකුම්පත් සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 49ක ලැබීම් වාර්තා කොට ඇත. ගෙවීම් සිදුව ඇත්තේ ඩොලර් මිලියන 17ක් පමණි. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලැබීම් ඩොලර් මිලියන 8ක් වාර්තා කළ අතර ගෙවීම් ලෙස ඩොලර් මිලියන 13ක් වාර්තාවී තිබේ.

 

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5ක් දක්වා වැඩි වී ඇති අතර මාස 4.1 ආනයන ආවරණය කිරීමට මෙම මුදල ප්‍රමාණවත් බව ද මහ බැංකුව කියා සිටියි.

ශ්‍රී ලංකාවේ රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2.3%කින් අවප්‍රමාණය වී ඇත. වසර 2024 අවසානයේදී රුපියල් 292.58ක් වූ ඩොලරයේ අගය 2025 මාර්තු අවසන් වනවිට රුපියල් 299.62කි.

(සටහන | ජේ. මුණසිංහ)

External Sector Performance March 2025 S page 0001External Sector Performance March 2025 S page 0002External Sector Performance March 2025 S page 0003

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාර්තු මාසයේ විදේශ අංශය ශක්තිමත් - ශ්‍රී ලංකා මහ බැංකුව කියයි | The Leader