The Leader News
BREAKING
Top Ad
Biz

ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කරයි

T

The Leader Desk

May 2, 2025 • 4:12 PM

ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවන් ස්ථාපිත ජාතික ණය සුරැකුම් ආයතනය
  • ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනක් සඳහා ඇපකර ලබා දුන් අතර එම මූල්‍ය ආයතන විසින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා අනුමත කරන ලද ණය පහසුකම් අර්ධ වශයෙන් ආවරණය කරමින් ණය සුරැකුම් ලබා දී ඇත.
  • මෙම වැඩසටහන යටතේ ප්‍රාග්ධන වියදම් හා ස්ථිර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා හවුල්කාරීත්ව බැංකු හා මූල්‍ය සමාගම් විසින් අනුමත කරනු ලබන අවම හා උපරිම ණය මුදල පිළිවෙලින් රුපියල් 500,000 සහ රුපියල් මිලියන 25 ක් වේ.
  • (දු.ක - 070 5 777 805 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 8.30 - ප.ව 4.30 )  (සටහන | ජේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.

ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනක් සඳහා ඇපකර ලබා දුන් අතර එම මූල්‍ය ආයතන විසින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා අනුමත කරන ලද ණය පහසුකම් අර්ධ වශයෙන් ආවරණය කරමින් ණය සුරැකුම් ලබා දී ඇත.


මෙම ක්‍රමය යටතේ, ගනුදෙනු කරුවන්ගේ ණය සඳහා දේපළ ඇපකර මතයැපීම වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම්ව මූල්‍ය ශක්‍යතාවයක් සහිතව්‍යාපෘතීන් හඳුනාගනිමින් ආයතනයේ කොටස් හිමි බැංකු හා මූල්‍ය ආයතන වලට තනි ඇප ආවරණයක් ලබා දෙමින්, ඒකී ආයතන ණය ලබා දීම සඳහා දිරිමත් කිරීම සිදු කරයි. ශ්‍රී ලංකා රජය හා මූල්‍ය ආයතන එක්ව ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ උන්නතිය උදෙසා ජාතික තලය තුළ මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

 

ශ්‍රී ලංකා රජය හා තෝරාගත් බැංකු හා මූල්‍ය ආයතන 13 ක් අතර රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය ආකෘතිය යටතේ ජාතික ණය සුරැකුම් ආයතනය සංස්ථාගත කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය මුහුණ දෙන මූල්‍ය ප්‍රවේශ සඳහා පොදු අභියෝගයක් වන ඇප ගැටළුවට විධිමත් බැංකු ප්‍රවාහ හරහා විසඳුමක් ලබා දීමේ මූලික අරමුණ ඇතිවය.

ඇමරිකානු ඩොලර් මිලියන 55.375ක ප්‍රාග්ධන ආයෝජනයක් සහිතව සංස්ථාගත කර ඇති මෙහි, 90%ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය වෙතආසියානු සංවර්ධන බැංකුව හරහා ලැබුණු ඩොලර් මිලියන 50ක දිගු කාලීන අරමුදල් මගින් ද, ඉතිරි 10%ක කොටස් හිමිකාරීත්වය වාණිජ බැංකු 8ක්, බලපත්‍රපාහී විශේෂ බැංකු 2ක් සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 3 ක් ඇතුළු ප්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතන 13ක් විසින් දරනු ලබයි (මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, එන් ඩී බී බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, ඒල් බී ෆිනෑන්ස් ආයතනය, සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනය, සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් ආයතනය).

drte4tf


මෙම වැඩසටහන මඟින්, දැනටමත් සාර්ථකව ක්‍රියාත්මකවන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායයන් හෝ සාර්ථක අරමුණක් ඇති ආරම්භක ව්‍යාපාර සඳහාද, ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනය නොයික්ම වන අවස්ථා වලදී, හවුල්කාරී බැංකු හා මූල්‍ය ආයතන දහතුනෙන් ඕනෑම ආයතනයකින් කාලීන ණයක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර ඔවුන් විසින් අනුමත කරන ණය ප්‍රමාණයෙන් 67% ක් දක්වා ණය ඇපකරයක් සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය වෙත අයදුම් කළ හැකිය.


මෙම වැඩසටහන යටතේ ප්‍රාග්ධන වියදම් හා ස්ථිර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා හවුල්කාරීත්ව බැංකු හා මූල්‍ය සමාගම් විසින් අනුමත කරනු ලබන අවම හා උපරිම ණය මුදල පිළිවෙලින් රුපියල් 500,000 සහ රුපියල් මිලියන 25 ක් වේ.

ජාතික ණය සුරැකුම් ආයතනය විසින් සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් (CDB), කොමර්ෂල් බැංකුව (Commercial Bank PLC), හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank PLC) වෙත කෘෂි ව්‍යාපායන්හී නියැලී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තිදෙනෙකු සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය මගින් පළමු ඇපකර නිකුත් කිරීම සිදුවිය.

ජාතික ණය සුරැකුම් ආයතනය සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා www.ncgil.lk වෙත පිවිසෙන්න. (දු.ක - 070 5 777 805 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 8.30 - ප.ව 4.30 )

 (සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...