The Leader News
BREAKING
Top Ad
Biz

සමිත හේමචන්ද්‍ර සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

T

The Leader Desk

May 6, 2025 • 6:33 AM

සමිත හේමචන්ද්‍ර සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රමුඛ අලෙවිකරණ වෘත්තිකයෙකු වන සමිත හේමචන්ද්‍ර 2025 අප්‍රෙල් 1 වන දා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කර ඇති බවත්, ඊට සමගාමීව ඔහු සමාගමේ ප්‍රධාන මෙහෙයුම් තනතුරට උසස් කර ඇති බව සමාගම නිවේදනය කර ඇත.
  • ජීවිත රක්ෂණ අංශයේ අලෙවිකරණය හා සන්නාමය ගොඩනැංවීමෙහිලා අවුරුදු 25කට වැඩි පළපුරුද්දක් ඔහුගෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබෙන අතර ඔහු සමාගමේ අලෙවිකරණය පිළිබඳ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස ද වසර ගණනාවක් සේවය කර තිබේ.
  • සමිත හේමචන්ද්‍ර 2004 දී සෙලින්කෝ ලයිෆ් සමාගම අත් කර ගත් වෙළඳපොල නායකත්වය අද දක්වා අඛණ්ඩව අවුරුදු 21 පුරාවට පවත්වාගෙන යාමට දායක වූ කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙකි.
  • ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වසරේ වෙළඳ සන්නාමය ලෙස තුන් වතාවක් හා වසරේ සේවා වෙළඳ සන්නාමය ලෙස හය වතාවක් සම්මානයට පාත්‍ර කිරීමෙහි ලා ප්‍රධාන කාර්යභාර්යයක් ද ඔහු ඉටු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


2000 වසරේ දී සන්නාම කළමනාකරුවෙකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගමට සම්බන්ධ වූ හේමචන්ද්‍ර, අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් වීමට පෙර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු රැසක් හොබවන ලදී.

ජීවිත රක්ෂණ අංශයේ අලෙවිකරණය හා සන්නාමය ගොඩනැංවීමෙහිලා අවුරුදු 25කට වැඩි පළපුරුද්දක් ඔහුගෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබෙන අතර ඔහු සමාගමේ අලෙවිකරණය පිළිබඳ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස ද වසර ගණනාවක් සේවය කර තිබේ.

සමිත හේමචන්ද්‍ර 2004 දී සෙලින්කෝ ලයිෆ් සමාගම අත් කර ගත් වෙළඳපොල නායකත්වය අද දක්වා අඛණ්ඩව අවුරුදු 21 පුරාවට පවත්වාගෙන යාමට දායක වූ කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙකි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වසරේ වෙළඳ සන්නාමය ලෙස තුන් වතාවක් හා වසරේ සේවා වෙළඳ සන්නාමය ලෙස හය වතාවක් සම්මානයට පාත්‍ර කිරීමෙහි ලා ප්‍රධාන කාර්යභාර්යයක් ද ඔහු ඉටු කර ඇත.

එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) හි සාමාජිකයෙකු සහ වරලත් අලෙවිකරුවෙකු (FCIM) වන සමිත හේමචන්ද්‍ර ට සන්නාම කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අලෙවිකරණ කළමනාකරණය, සහ උපායමාර්ගික සැලසුම්කරණය පිළිබඳ පුළුල් ප්‍රායෝගික අත්දැකීම් තිබේ.

සෙලින්කෝ ලයිෆ් සඳහා ඒකාබද්ධ අලෙවිකරණ ව්‍යාපාර රාශියක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු සෘජුවම සම්බන්ධ වී ඇත.

සමිත හේමචන්ද්‍ර ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) ලබා ඇත.

 ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) අලෙවිකරණ සහ විකුණුම් සංසදයේ හිටපු සභාපතිවරයෙකු වන අතර වසර ගණනාවක් පුරාවට SLIM සන්නාම විශිෂ්ඨතා සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

ඔහු දැනට සීමාසහිත සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන අතර සෙලින්කෝ ලයිෆ් හි අනුබද්ධ හා ආශ්‍රිත සමාගම් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) හි විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරයි.

2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

| adaderana


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...