The Leader News
BREAKING
Top Ad
Biz

බිඳ වැටී ඇති ව්‍යාපාර නැංවීමට රජය වහාම මැදිහත්විය යුතුයි - ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය

T

The Leader Desk

May 22, 2025 • 6:18 AM

බිඳ වැටී ඇති ව්‍යාපාර නැංවීමට රජය වහාම මැදිහත්විය යුතුයි - ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිඳ වැටී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් නගා සිටුවීමට රජය වහාම මැදිහත්වී ප්‍රතිඵළදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපතිනී ටානියා එස්. අබේසුන්දර ප්‍රකාශ කළාය.
  • ''ජනාධිපතිවරණයත් ඊට පසු පාර්ලිමේන්තු මැතිවරණයටත් ජනතාවක් ලෙස අප ඡන්දය ලබාදුන්නා.
  • නමුත් එහි සැබෑ ක්‍රියාකාරීන්වන ව්‍යවසායකයින් වන අප සහභාගී කරවාගෙන මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ නැහැ.
  • '' ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සාමාජික ඒ.එම්.ජේ.බී ජවුෆර්, ''අලුත් කර්මාන්ත ඇතිවීමට අවශ්‍ය පරිසරය රටේ තවම නිර්මාණය වී නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ 07, විද්‍යා මාවත හි ඊයේ (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව කීවාය.

''ජනාධිපතිවරණයත් ඊට පසු පාර්ලිමේන්තු මැතිවරණයටත් ජනතාවක් ලෙස අප ඡන්දය ලබාදුන්නා. නව රජය බලයට පත්වීමෙන් පසු පළාත් පාලන මැතිවරණයටත් මුහුණ දුන්නා. දැන් මැතිවරණ අවසන්. තාමත් ව්‍යාවසායකයින්ගේ ගැටළු වලට හරියාකාර විසඳුම් ලැබීමක් සිදුවී නැහැ. ඒ නිසා වහාම අපගේ ගැටළු වලට විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ යුතුයි.'' යයි ඇය එම මාධ්‍ය හමුවේදී පැවසුවාය.

WhatsApp Image 2025 05 22 at 9.28.02 AM
ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සාමාජික මහේන්ද්‍ර ජයසේකර,

''නව ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් රටේ තාමත් බිහිවී නැහැ. දේශීය නිෂ්පාදන කර්මාන්ත බල ගැන්වෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නව රජය හෝ සකස් කොට ක්‍රියාවට නැංවිය යුතුයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක කර්මාන්ත නැංවීමට එය මූලිකත්වය දිය යුතුයි.''

ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා,

''මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දේශපාලන වශයෙන් නියෝජිතයින් සහභාගීවන විවිධ රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් තිබෙනවා. වාද විවාද පවත්වනවා. නමුත් එහි සැබෑ ක්‍රියාකාරීන්වන ව්‍යවසායකයින් වන අප සහභාගී කරවාගෙන මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා අප වහාම ව්‍යවසායකයින් ලෙස අපගේ අදහස් මාධ්‍ය හරහා රටටම කියන්නට වැඩසටහන් සකස් කරන්න යැයි මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා.''

ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ රෙදි පිළි අංශයේ විශේෂ නියෝජිත සරත් බී.හෙට්ටිගේ,

''අද රටේ සෑම කර්මාන්තයකටම ඉදිරි දැක්මක් නොමැතිව කරන්නන් වාලේ කරන ස්වරූපයක් දක්නට ලැබෙනවා. අපට එසේ සෑමදාම සිටීමට බැහැ. කඩා වැටීමකින් තොරව ඉදිරියට යාමට දේශීය කර්මාන්ත රැක ගන්නා වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි.'''

ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සාමාජික තරුණ ව්‍යාපාරික ටයිටස් පෙරේරා,

''ගෝලීය තරගකාරීත්වය සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව රැකියා කරන පිරිසගෙන් බදු අයකර ගැනීමට රජය අලුතින් පැනවූ 15%ක බද්ද නිසා බොහෝ පිරිස් එම සේවා සැපයීමෙන් ඉවත්වී තිබෙනවා. එය මේ කර්මාන්තයේ දියුණුවට මෙන්ම රැකියා අවස්ථා පුළුල් කිරීමට බාධාවක්. ඒ නිසා මේ වන විට රැකියා නැතිවී තිබෙනවා. ''

ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සාමාජික ඒ.එම්.ජේ.බී ජවුෆර්,

''අලුත් කර්මාන්ත ඇතිවීමට අවශ්‍ය පරිසරය රටේ තවම නිර්මාණය වී නැහැ. නව රජයේ වගකීම වහාම එවැනි පරිසරයක් සැකසීමයි. ඉදිරියේදී දැඩි ආර්ථික අභියෝග වලට රටක් ලෙස, සමාජයක් ලෙස අපට මුහුණ දීමට සිදු වේවි. ඉන් මිදීමට කළ හැක්කේ. වහාම අපනයන නංවන කර්මාන්ත කරණයකට පිවිසීමයි. ''

(සටහන | ජේ . මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...