ඒ අනුව නානායක්කාර මැයි 28 වැනිදා සිට බලාත්මක වන පරිදි සමාගමෙහි විධායක නොවන සභාපතිවරයා ලෙස පත් කර ගෙන තිබේ.
මෙතෙක් කලක් සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ W.A.P. පෙරේරා,පසුගිය මැයි 21 වැනිදා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධූරය සදහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ. එම ඉල්ලා අස්වීම සිදුවන අස්ථාව වන විට පෙරේරා සතුව සමාගමෙහි කොටස් 598,078ක් පැවැති බව සදහන් වෙයි.
LOLC සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මගින් සියෙරා කේබල්ස් සමාගමෙහි සමස්ත කොටස් අතරින් කොටස් 304,264,422ක්, එනම් සියයට 56.60ක ප්‍රතිශතයක් අත්පත් කරගනිමින් එහි වැඩිම කොටස් හිමිකරුවා බවට පත්ව සිටියි.
කොළඹ කොටස් හුවමාරුවෙහි වාර්තා සඳහන් කරන ආකාරයට 2025 මැයි 08 වැනිදා වනවිට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සතුව සියෙරා කේබල්ස්හි කොටස් 140,623,654ක් එනම් සියයට 26.16ක ප්‍රතිශතයක් පවතී. අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම (බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි) සතුව තවත් කොටස් 163,580,768ක් එනම් සියයට 30.43ක ප්‍රතිශතයක් ඇත. මීට අමතරව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පණ්ඩුක වීරසිංහ සතුව කොටස් 60,000 ක් එනම් සියයට 0.01 ක ප්‍රතිශතයක් ඇත.
එසේම, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම විසින් සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමෙහි අනෙකුත් කොටස් හිමිකරුවන් සතු ඉතිරි කොටස් මිලදී ගැනීම සඳහාද මේ වනවිට ඉදිරිපත්ව සිටියි.
ඉෂාර නානායක්කාර මේ වනවිට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි විධායක උප සභාපතිවරයා, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමෙහි විධායක සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
| enbsl.lk



