The Leader News
BREAKING
Top Ad
Biz

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය බිඳ වැටුණොත් සමස්ත පද්ධතියම අවදානමේ - මහ බැංකු අධිපති

T

The Leader Desk

June 8, 2025 • 8:42 AM

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය බිඳ වැටුණොත් සමස්ත පද්ධතියම අවදානමේ - මහ බැංකු අධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මූල්‍ය පද්ධතිය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය අතිශය වැදගත් බවත්, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය බිඳ වැටීම හරහා සමස්ත පද්ධතියම කඩා වැටීමේ අවදානමක් පවතින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
  • එය සමස්ත පද්ධතියම කඩා වැටීමට හේතු වෙනවා.“ ඒ අනුව මහ බැංකුව ලෙස මුදල් ස්ථාවරත්වය සම්බන්ධයෙන් කටයුතු කරන අතරම මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමේ වගකීමක්ද තමන් සතු බව අධිපතිවරයා අවධාරණය කළේය.
  • “ජනතාවගේ තැන්පතු භාර ගන්නා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය කරන ආයතනය ලෙස මහ බැංකුව වෙත මේ තැන්පතු ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා.
  • විශේෂයෙන්ම රටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත ණය ලබාදීමේදී මෙම තැන්පතු අතිශය වැදගත් බවත් අධිපතිවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


“මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් විශ්වාසය නැතිවුණොත් ජනතාව තමන්ගේ මුදල් මූල්‍ය පද්ධතිය තුළ තැන්පත් කිරීම සිදු කරන්නේ නෑ. එය සමස්ත පද්ධතියම කඩා වැටීමට හේතු වෙනවා.“

ඒ අනුව මහ බැංකුව ලෙස මුදල් ස්ථාවරත්වය සම්බන්ධයෙන් කටයුතු කරන අතරම මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමේ වගකීමක්ද තමන් සතු බව අධිපතිවරයා අවධාරණය කළේය.

“ජනතාවගේ තැන්පතු භාර ගන්නා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය කරන ආයතනය ලෙස මහ බැංකුව වෙත මේ තැන්පතු ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා. ඒ වගේම එම තැන්පතු යොදා ගනිමින් මූල්‍ය ආයතන මගින් ලබා දෙන ණය පහසුකම් හරහා ආර්ථිකය වෙත වඩාත් සුමටව සහයෝගය ලබාදීමට හැකියාව ලැබෙනවා.“

පසුගියදා කොළඹදී පැවැත්වුණු ජාතික ණය සුරැකුම් ආයතනය නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

විශේෂයෙන්ම රටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත ණය ලබාදීමේදී මෙම තැන්පතු අතිශය වැදගත් බවත් අධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය වෙත සිදු කරන ණය ලබාදීම තවමත් එක සමානව සිදු නොවන බවත්, එහිදී ක්‍රමවත් ණය තොරතුරු පද්ධතියක් නොමැතිවීම ඊට හේතුව බවත් ඔහු පෙන්වා දුන්නේය.

“සීමිත හෝ කිසිදු ණය ඉතිහාසයක් නොමැති පිරිස වෙත ණය ලබාදීමට මෙම ණය දෙන්නන් මැලිවෙනවා. ඒ නිසා වඩාත් විනිවිදභාවයකින් යුත් වඩාත් සරලව පිවිසිය හැකි ණය තොරතුරු පද්ධතියක අවශ්‍යතාව පවතිනවා.“ අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

( lankadeepa.lk | භානුක අමරසිංහ)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...