පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සමාගම මේ පිළිබඳව අනාවරණය කර තිබේ.
මෙම කොටස් ප්‍රමාණය හාබර් විලේජ් (පෞද්) සමාගම නිකුත් කර ඇති කොටස් අතරින් සියයට 33.33ක ප්‍රතිශතයකි. මෙම ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 19ක් ලෙසත් සටහන්ව තිබේ.
මෙම හාබර් විලේජ් (පෞද්) සමාගම ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී, චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කම්පැනි ලංකා ලිමිටඩ් (කොළඹ වරාය නගරය ඉදිකළ චීනයේ චයිනා හාබර් ඉංජිනියරින්ග් කම්පැනි සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමකි) සහ සිංගප්පූරු සමාගමක් වන Mustafa’s Pte Ltd. යන සමාගම්වල සම කොටස් හිමිකාරීත්වයෙන් ස්ථාපිත කරවූවකි.
ඒ අනුව මෙම මිලදී ගැනීම සිදු කරන අවස්ථාව වනවිටත් හාබර් හාබර් විලේජ් (පෞද්) සමාගම තුළ ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගම සතුව 66.67%ක කොටස් හිමිකාරීත්වයක් පැවැති අතර, එය එම සමාගමෙහි පරිපාලිත සමාගමක් ලෙසද පැවැතියකි.
ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම එය ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගමෙහි සියයට 100ක පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත්ව තිබේ.
අංක 567, ශ්‍රීමත් රාමනාදන් මාවත, කොළඹ යන ස්ථානයේ පිහිටි මෙම ’Marina Square – Uptown Colombo’ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉහළ-මැද පන්තියට සහ වෘත්තිකයන් ඉලක්ක කරගනිමින් සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි. එහි පවතින නිවාස ඒකක ගණන 1088 කි.
| enbsl.lk
ඇක්සස් ඉන්ජිනියරින්ග් 'හාබර් විලේජ්' අත්පත් කර ගනී
T
The Leader Desk
June 9, 2025 • 4:10 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක් වන ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගම විසින් කොළඹ පිහිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘’Marina Square – Uptown Colombo’ අයත් හාබර් විලේජ් (පෞද්) සමාගමෙහි කොටස් මිලියන 95.87ක් මිලදී ගැනීමට පියවර ගත් බව පවසයි.
- මෙම කොටස් ප්‍රමාණය හාබර් විලේජ් (පෞද්) සමාගම නිකුත් කර ඇති කොටස් අතරින් සියයට 33.33ක ප්‍රතිශතයකි.
- මෙම ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 19ක් ලෙසත් සටහන්ව තිබේ.
- ඒ අනුව මෙම මිලදී ගැනීම සිදු කරන අවස්ථාව වනවිටත් හාබර් හාබර් විලේජ් (පෞද්) සමාගම තුළ ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගම සතුව 66.67%ක කොටස් හිමිකාරීත්වයක් පැවැති අතර, එය එම සමාගමෙහි පරිපාලිත සමාගමක් ලෙසද පැවැතියකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


