The Leader News
BREAKING
Top Ad
Biz

මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන සහ අපනයන සංවර්ධන සමුපකාර සමිතිය නමින් නව බැංකුවක්

T

The Leader Desk

June 11, 2025 • 4:58 PM

මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන සහ අපනයන සංවර්ධන සමුපකාර සමිතිය නමින් නව බැංකුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | බැංකුවේ සභාපතිවරයා (වමේ ) විසින් පළමු ගනුදෙනුකරු සමග ගනුදෙනු සිදුකිරීම.
  • අපනයන කෘෂිකර්ම සංවර්ධනයට මහත් විභවයක් පවතින මාතලේ දිස්ත්‍රික්කය සහ එහි ජීවත්වන යැපුම් කෘෂිකර්මාන්තයේ නියැළේන ගොවීන් නඟා සිටුවීම නව බැංකුවේ ආරම්භ කිරීම අරමුණ වන බව සභාපති නිලංග කරුණරත්න ප්‍රකාශ කළේය.
  • දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන අගය එකතු කොට වැඩි මිලක් ලබා ගැනීමේ සහ මෙරටට වැඩි වශයෙන් ඩොලර් ආදායම් එක් රැස්කර ගැනීමේ අරමුණින් බැංකුව ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කීය.
  •  ශ්‍රී ලංකාව තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නොව මින් ඉදිරියට සංවර්ධිත රටක් බවට පත්කිරීමට කෘෂිකාර්මාන්තය දියුණු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අපනයනයේන් පුනරුදයට තේමා කොට ගනිමින් මාතලේ දිස්ත්‍රික් ගොවි ජනතාවගේ දියුණුව අපේක්‍ෂා කරමින් මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන සහ අපනයන සංවර්ධන සමුපකාර සමිතිය නමින් නව බැංකුවක් මාතලේ යටවත්ත නගරයේදී ඊයේ (11) විවෘත කෙරිණි.

අපනයන කෘෂිකර්ම සංවර්ධනයට මහත් විභවයක් පවතින මාතලේ දිස්ත්‍රික්කය සහ එහි ජීවත්වන යැපුම් කෘෂිකර්මාන්තයේ නියැළේන ගොවීන් නඟා සිටුවීම නව බැංකුවේ ආරම්භ කිරීම අරමුණ වන බව සභාපති නිලංග කරුණරත්න ප්‍රකාශ කළේය.

දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන අගය එකතු කොට වැඩි මිලක් ලබා ගැනීමේ සහ මෙරටට වැඩි වශයෙන් ඩොලර් ආදායම් එක් රැස්කර ගැනීමේ අරමුණින් බැංකුව ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කීය.

 ශ්‍රී ලංකාව තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නොව මින් ඉදිරියට සංවර්ධිත රටක් බවට පත්කිරීමට කෘෂිකාර්මාන්තය දියුණු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.


ගොවි ජනතාවගේ නිපැයුම් සහ අස්වැන්න කුණු කොල්ලයට අලෙවි කිරීමට සිදුවීම වැළැක්වීම, ඒ සමඟ ඔවුන්ගේ අමුද්‍රව්‍ය වල අගය එකතුකොට වැඩි මිලක් ලබාගෙන පිටරටට යැවීමට අවශ්‍ය සේවා මෙම බැංකු මගින් ලබාදෙයි.

 

* අපනයන කෘෂිකර්ම දියුණුවට අවශ්‍ය ප්‍රාග්ධනය, තාක්ෂණය, සහ වෙළඳපොල පහසුකම් මේ බැංකුව මගින් ලබාදෙන ප්‍රධාන සේවාවේ.

* ගොවි ජනතාවගේ නිපැයුම් යුරෝපය ඇතුළු ඉහළ ආදයම් ලබා ගත හැකි රටවල් වෙත යොමු කිරීම මෙම බැංකුව මගින් සිදු කිරීමට නියමිතය.

* අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්වීමට ප්‍රධාන හේතුවක් වූයේ මූල්‍ය විනයක් සහ මනා මූල්‍ය කළමනාකරණයක් නොතිබිමයි. අපි රට දියුණු කරනවා නම් ගම් මට්ටමේ මූල්‍ය විනයක් ඇති කළ යුතුයි. එය ගම් මට්ටමින් ආරම්භ කිරීම අරමුණයි.  

මේ ආකාරයට ග්‍රාමීය ජනතාවගේ ගොවිතැන දියුණු කිරීමට සහ ඒය සංවර්ධනය කිරීමට අත දීමට ලැබීම සතුටක් බව සභාපතිවරයා  කීය.

නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නීතිඥ මනෝරි හේට්ටආරච්චි, ධනිදු කරුණාරත්න, ආකාෂ්  කරුණාරත්න, උප සභාපති ප්‍රසන්න දිසානායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේෂාන් නානායක්කාර, කළමනාකරු ඒ. ජී .අබේසිංහ, යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති, මාතලේ දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් චමිලා විජේරත්න, යටවත්ත සමුපකාර සමිතියේ සභාපති, පොලිස් ස්ථානාධිපතිවරයා, සන් ඒ .අයි. පෞද්ගලික සමාගමේ සභාපති ප්‍රදේශවාසී ව්‍යාපාරික ප්‍රජාව සංගමයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වි සිටියහ .

(සටහන | ජේ . මුණසිංහ)

sdgdsg

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...