කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණු කරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු කරුවන් වෙත උපදෙස් ලබා දී තිබේ.
පසුගිය කාලය තුළ අහිත කර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණු කරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත උපදෙස් ලබා දී ඇත.
මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍ර ලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකූල වේ.
ඒ අනුව, බලපෑමට ලක් වූ ණය ගනුදෙණු කරුවන්හට පොලී සහන සහ නව ණය ලබා දීම ඇතුළු තවදුරටත් සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් ලබා දී ඇති අතර, 2024 අංක 04 දරන චක්‍ර ලේඛය ප්‍රකාරව බලපත්‍රලාභී බැංකුවලට සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන් සමඟ ණය ප්‍රතිලේඛනගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා ලබා දී ඇති කාලසීමාව ද 2025.06.15 සිට 2025.06.30 දක්වා දීර්ඝ කර ඇත.
ඉහත චක්‍ර ලේඛයේ දක්වා ඇති පරිදි ව්‍යාපාර යලි පණ ගැන්වීම පිළිබඳ සාකච්ඡා සඳහා බලපත්‍රලාභී බැංකු සමඟ සම්බන්ධ වූ ණය ගනුදෙණු කරුවන් හට මෙම සහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අදාළ බලපත්‍රලාභී බැංකු වෙතින් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
(සටහන | ජේ. මුණසිංහ)
බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලකීමට මහ බැංකුවෙන් උපදෙස්
T
The Leader Desk
June 12, 2025 • 2:05 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පසුගිය කාලය තුළ අහිත කර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්
- මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍ර ලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකූල වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


