ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ මිලදී ගැනීමට පහසුකම් සලසාදෙන නව ආරක විශ්වාසදායි වෙළෙඳපොළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සිංහ ඔක්ෂන් පුද්ගලික සමාගම සූදානම් වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, ඔවුන්ගේ නිෂ්පාදනවලට දේශීය හා විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීම මඟින් ව්‍යවසායකයින්ගේ සහ කර්මාන්තකරුවන්ගේ ආදායම ඉහළ නංවාලීම අරමුණුකොට ඇතැයි සිංහ ඔක්ෂන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය තිලකසිරි විතාරණ ප්‍රකාශ කළේය.
කොළඹ චෛත්‍ය පාර, ගෝල්ෆේස් ලයිට්හවුස් ගැලේහි පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්යවරයා එසේ කීය.
''දේශීය නිෂ්පාදකයින්, ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් උදෙසා ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට, දේශීය සහ ජාත්‍යන්තර ගැණුම් කරුවන්ට මිලදී ගැනීමට වේදිකාවක් නිර්මාණය කළ යුතුය. ඒ වගේම ඔවුන්ගේ පහසුව සඳහා සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් සහ කුසලතා සංවර්ධන අවස්ථා වැඩිදියුණු කළ යුතුය. ඒ සඳහා තමයි අප අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ යැයි මේ අවස්ථාවට සුබ පැතුම් එක්කරමින් සිංහ ඔක්ෂන් සභාපති ආචාර්ය ලක්ෂාන් විතාරණ කීය.
''ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රෙය් ආදායම් ඉහළ නංවා ගැනීමට විශේෂයෙන් මැණික් පතල්කරුවන්ට සුළු හා මධ්‍ය පරිමාණ මැණික් ව්‍යාපාරිකයන්ට, ගණුදෙනුකරුවන්ට සියලු ආකාරයේ වාසි සහ ප්‍රතිලාභ ලැබෙන වෙන්දේසි ක්‍රමවේදයක් අප හඳුන්වා දී තිබෙනවා. සාර්ථකව මැණික් වෙන්දේසි පහක් පවත්වා තිබෙනවා. ''
දේශීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදිකයින්ගේ සහයෝගය, සහභාගිත්වය සහිතව රෙදි පිළි වෙන්දේසි මාලාවක් අප පැවැත්වූවා. මේ අත්දැකීම් ලබාගෙන මීටත් වඩා සාර්ථක වෙන්දේසි ක්‍රමවේදයක් ඔස්සේ නිෂ්පාදිකයින්ට තමන්ගේ නිෂ්පාදන අළෙවි කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.
සිංහ ඔක්ෂන් සමාගමේ අධ්‍යක්ෂ හේමේන්ද්‍ර ප්‍රේමවර්ධන, අධ්‍යක්ෂ ආචාර්ය සත්‍යජිත් ධර්මප්‍රිය බුත්පිටිය ද මෙහිදී අදහස් දැක්වූහ.
(සටහන | ජේ. මුණසිංහ)
| ආචාර්ය හේමේන්ද්‍ර ප්‍රේමවර්ධන
| ආචාර්ය බුත්පිටිය
| ආචාර්ය තිලකසිරි විතාරණ, ආචාර්යය හේමේන්ද්‍ර ප්‍රේමවර්ධන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්
සිංහ ඔක්ෂන් සමාගම නව වෙළඳපොළ ක්‍රමවේදයක් හඳුන්වා දෙයි
T
The Leader Desk
June 29, 2025 • 4:07 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්තකරුවන්ගේ, ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනවලට සාධාරණ හා ස්ථාවර මිලක් ලබා ගැනීමට සහ පාරිභෝගික ජනතාවට
- ''ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රෙය් ආදායම් ඉහළ නංවා ගැනීමට විශේෂයෙන් මැණික් පතල්කරුවන්ට සුළු හා මධ්‍ය පරිමාණ මැණික් ව්‍යාපාරිකයන්ට, ගණුදෙනුකරුවන්ට සියලු ආකාරයේ වාසි සහ ප්‍රතිලාභ ලැබෙන වෙන්දේසි ක්‍රමවේදයක් අප හඳුන්වා දී තිබෙනවා.
- ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ මිලදී ගැනීමට පහසුකම් සලසාදෙන නව ආරක විශ්වාසදායි වෙළෙඳපොළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සිංහ ඔක්ෂන් පුද්ගලික සමාගම සූදානම් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


