ඒ අනුව එම නිෂ්පාදන දේශීයව මෙරටට දී නිෂ්පාදනය කෙරේ. එම නිෂ්පාදන සමග තමන් මෙරට ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසෙන බව ATUM Beverages Pvt Ltd සමාගම නිවේදනය කරයි.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC Sri Lanka) මහලේකම් නීතිඥ ශනිල් ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ ICC නිලධාරීන් සමඟ පැවති හමුවක දී අදහස් දක්වමින්, ATUM Beverages හි නිර්මාතෘ සහ Amrutha Enterprises හි ප්‍රධාන විධායක නිලධාරී පී. දුර්ගා රාඕ ඒ බව කියා සිටියේය.
ඉන්දියාව-ශ්‍රී ලංකාව ඒකාබද්ධ ව්‍යාපාරයක කොටසක් ලෙස මෙම ව්‍යාපාර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අරඹන බව ඔහු තහවුරු කළේය.
ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන්ගානා වැනි දකුණු ඉන්දියානු ප්‍රාන්තවල සැලකිය යුතු වෙළඳපල සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති ATUM Beverages, ශ්‍රී ලංකාවේ ගුණාත්මකභාවය සහ නියාමන ප්‍රමිතීන්ට අනුකූලව මෙරටට හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

මෙම නිෂ්පාදන අතරට සීනි රහිත ශක්තිජනක පානයක් සහ ශ්‍රී ලාංකික රසයට ගැලපෙන පරිදි සකස් කරන ලද කාබනික කෘත නොවන සිසිල් බීම පානයක් ඇතුළත් වේ.
“අපගේ නව්‍ය හා සෞඛ්‍යයට හිතකර නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම පිළිබඳ අපි සතුටු වෙමු,” දුර්ගා රාඕ පැවසීය
“අපගේ දැක්ම වන්නේ ලාංකේය වෙළඳපොළට සේවය කිරීම පමණක් නොව, ATUM සන්නාමය යටතේ අද්විතීය ශ්‍රී ලාංකික පාන වර්ග සංවර්ධනය කර නිෂ්පාදනය කර ගෝලීයව අපනයනය කිරීමයි.”
මෙම වසර තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමේ මූලික කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. දෙවන අදියරට ශ්‍රී ලංකාවේ පූර්ණ පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවීම ඇතුළත් වන අතර එමඟින් දේශීය රැකියා සහ ආර්ථික සංවර්ධනයට දායක වේ.
ආයෝජන, නියාමන අනුකූලතාව සහ ජාත්‍යන්තර වෙළඳ උපාය මාර්ග සඳහා පහසුකම් සැලසීම සඳහා ATUM Beverages විසින් ICC Sri Lanka හි උපදේශන සහාය ද ලබාගෙන ඇත.
මෙම අවස්ථාවට ICC Sri Lanka හි උප සභාපති හේමකුමාර ගුණසේකර, ඇටුම් බෙවරේජස් සඳහා ව්‍යාපාරික හවුල්කරු විශ්වජිත් සුරම්පුඩි සහ සමාරම්භක ආධාරකරු වන ඉන්දියානු ව්‍යාපාරික විජේ ද සහභාගී වූහ.
මෙම නව ව්‍යාපාරය ඉන්දු-ලංකා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ සහ ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමේ තවත් ධනාත්මක පියවරක් මෙමගින් සනිටුහන් වන බව එම සමාගම පවසයි.

(සටහන | ජේ. මුණසිංහ)



