The Leader News
BREAKING
Top Ad
Biz

ධම්මික පෙරේරා ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් අත්පත් කරගනී - ජනමාධ්‍ය ව්‍යාපාරයට පිවිසෙන ලකුණු !

T

The Leader Desk

July 9, 2025 • 6:00 AM

ධම්මික පෙරේරා ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් අත්පත් කරගනී - ජනමාධ්‍ය ව්‍යාපාරයට පිවිසෙන ලකුණු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් නහිල් විජේසුරියට අයත්ව තිබු ''ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී'' හි පාලන කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගෙන තිබේ.
  • ව්‍යාපාරික නහිල් විජේසූරිය 1977 දී ඊස්ට් වෙස්ට් සමාගම් සමූහය ආරම්භ කළේය.
  • 30.20 ක මිලකට ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී හි කොටස් 106,991,848 ක් මිලදී ගෙන ඇත.
  • නහිල් විජේසූරිය 2025 මාර්තු 31 වන විට, ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් හි විශාලතම කොටස් හිමියන් වූයේ ඇග්නස් විජේසූරිය ළමා හා වැඩිහිටි නිවාස (සියයට 36.17) ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, රුපියල් බිලියන 3.2 කට වඩා වටිනා ගනුදෙනුවකින් එම සමාගමේ කොටස් වලින් ආසන්න වශයෙන් සියයට 77.40 ක් මිලදී ගනිමිනි.

ව්‍යාපාරික නහිල් විජේසූරිය 1977 දී ඊස්ට් වෙස්ට් සමාගම් සමූහය ආරම්භ කළේය.

බාර්ට්ලීට් රිලිගේර් සෙකියුරිටීස් (පෞද්ගලික) සමාගම විසින් කොළඹ කොටස් හුවමාරුව (CSE) වෙත යොමුකරන ලද හෙළිදරව්වකට අනුව, ධම්මික පෙරේරා විසින් කොටසකට රු. 30.20 ක මිලකට ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී හි කොටස් 106,991,848 ක් මිලදී ගෙන ඇත.

 

EAST logo

මෙම ගනුදෙනුවට පෙර, ධම්මික පෙරේරාට එම සමාගමේ කොටස් නොතිබිණි.

nahil wijesuriyaනහිල් විජේසූරිය2025 මාර්තු 31 වන විට, ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් හි විශාලතම කොටස් හිමියන් වූයේ ඇග්නස් විජේසූරිය ළමා හා වැඩිහිටි නිවාස (සියයට 36.17) ය. ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් හි සභාපති නහිල් විජේසූරිය ආයතනයේ කොටස් වලින් සියයට 0.82 ක් හිමිකරගෙන සිටියදී, ඔහුගේ දරුවන් වන අනිකා විජේසූරිය (දෙවැනි විශාලතම කොටස් හිමියා) සහ විජිත විජේසූරිය (තුන්වැනි විශාලතම කොටස් හිමියා) කොටස් වලින් සියයට 21.55 ක් සහ සියයට 18.86 ක් හිමිකර ගෙන සිටියේය.

1981 දී පිහිටුවන ලද සහ කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී හි ප්‍රධාන ව්‍යාපාරයට දේපළ වෙළඳාම් සංවර්ධනය සහ කළමනාකරණය ඇතුළත් වේ.

ධම්මික සිමෙන්ති ව්‍යාපාරයට අත ගසයි  


සමාගමේ ප්‍රාථමික වත්කම් අතර පෑලියගොඩ ගබඩා සංකීර්ණයක් සහ කොළඹ 03 හි කාර්යාල කුලියට දෙන ස්ථාන ඇතුළත් වේ.
ඊයේ (2025 ජූලි 8) සිදු වූ මෙම අත්පත් කරගැනීමත් සමග විජේසූරිය පවුල විසින් පාලනය කරන ලද පැලියගොඩ සිමෙන්ති කම්හලේ අයිතිය ද ධම්මික පෙරේරාට හිමිවේ. 
  
මේ වනවිට මෙරට සිමෙන්ති නිෂ්පාදනය හා බෙදා හැරීමෙන් සියයට 10කට ධාරිතාවයක් සපුරනු ලබන්නේ එම සමාගම විසිනි.

Peoples Media Network

ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී හි මෙහෙයුම්වල කොටසක් ලෙස Peoples Media Network නමැති ජනමාධ්‍ය සමාගමක් ඇත.

එය ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන මධ්‍යස්ථාන හිමිකාරීත්වය දරයි.

 
476294900 1167870808367584 7710277454489468336 n
එම තත්වය තුල ධම්මික පෙරේරා විසින් ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් අත්පත් කරගැනීම ඇතැම් මාධ්‍ය විසින් වාර්තාකර ඇත්තේ ඔහු විසින් ඒ හරහා දැවැන්ත මාධ්‍ය ජාලයක් ගොඩනැගීමේ සුදානමක් පවතින බවයි.
ඒ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කල විමසීමකදී ධම්මික පෙරේරා පැවසුයේ, මාධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමට තමාගේ කිසිඳු අදහසක් නොමැති බවයි.

මේවනවිටත් Peoples Media Network සමාගමේ කොටස් වලින් සියයට 49ක් හිමිව ඇත්තේ නහිල් විජේසුරියගේ දියණිය වන අනිකා විජේසූරිය ය. ඇය සජබ තරුණ අංශයේ ප්‍රධානි රෙහාන් ජයවික්‍රමගේ බිරිඳයි. 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ධම්මික පෙරේරා ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් අත්පත් කරගනී - ජනමාධ්‍ය ව්‍යාපාරයට පිවිසෙන ලකුණු ! | The Leader