ලෝක ව්‍යාප්ත Bima සමාගමට අනුබද්ධව ක්‍රියාත්මක මෙම වැඩසටහනින් ටෙලි මෙඩිසින් (Telemedicine) ක්‍රමය යටතේ ක්ෂණිකව රෝගියා වෛද්‍යවරයෙකු ට සම්බන්ධ කර වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සම්බන්ධීකරණය සිදුකිරීමත්, ඒ සඳහා වන විශේෂඥ වෛද්‍ය සේවා, වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ, රසායනාගාර සේවා සහ ගිලන් රථ සේවා රෝගියාට ලබාදීම සහ ඊට අදාළ ගෙවීම් Truecare ආයතනය සිදු කරනු ලැබිම මෙම වැඩසටහන යටතේ සිදු කරනු ලැබේ.
ඒබැවින් තම ඥාතියා හෝ ඔහුගේ රෝගී තත්ත්වයන් පිළිබඳ හෝ ඊට අදාළ ප්‍රතිකාරවලට වන ගෙවීම් පිළිබඳ විගමනිකයා හෝ රෝගියා හෝ අපහසුතාවයකට පත් නොවන බව Bima ආයතනයේ සභාපති අධ්‍යක්ෂ තුසිත අපොන්සු ප්‍රකාශ කළේය.
පැය විසි හතර පුරා ක්‍රියාත්මක වෛද්‍ය සේවා, රෝගියා පිළිබඳ පසු විපරම් කටයුතු, සිංහල දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම සේවා ලබාදීම, රට පුරා වෛද්‍ය සහ රසායනාගාර මධ්‍යස්ථාන 400 ක අදාළ පහසුකම් ලබාදීම මේ යටතේ සිදුකෙරෙන බවද තුසිත අපොන්සු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Bima Truecare ආයතනය පසුගිය දා කොළඹ පැවැත් වූ මෙම වැඩසටහන හඳුන්වාදීමේ අවස්තාවේ අදහස් දැක්වූ සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රබුද්ධ ලක්මාල්
මෙය රක්ෂණ ක්‍රමයක් නොවන බවත්, රු.18,000 සිට රුපියල් 45,000 දක්වා ස්ථර තුනක ඇති වාර්ෂික ගෙවීම් ක්‍රමය යටතේ මෙම වෛද්‍ය සේවා ලබාගත හැකි බවත් කීය.
වැඩිදුර විස්තර 1343 දුරකථන අංකයෙන් ලබාගත හැකි බව ලක්මාල් පැවසීය.
(සටහන | ජේ. මුණසිංහ)





