ඒ, ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියමින් ය.
ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව 'ගල්ෆ් නිව්ස් වෙබ්' අඩවිය ඊයේ අනාවරණ කළේ ය.
එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී ඉෂාර නානායක්කාර ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.

'ගල්ෆ් නිව්ස්' වාර්තාවට අනුව තවදුරටත් ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණේ රැදී සිටින්නේ, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි ය.
ඒ, ඩොලර් බිලියන 118 ක ඇස්තමේන්තු ගත වත්කමකට හිමිකම් කියමින් ය.
ඔහුගේ වත්කම දකුණු ආසියාවේ සෙසු රටවල ධනවත්ම පුද්ගලයින් සමග සංසන්දනය කරමින් ගල්ෆ් නිව්ස් වාර්තා කර තිබේ.
ඒ අනුව ඩොලර් බිලියන 13.5 ක වත්කමකට හිමිකම් කියන පාකිස්ථාන ජාතික ෂාහිඩ් ඛාන්, ඩොලර් බිලියන 12 ක වත්කම් සහිත බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර්, ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියන නේපාලයේ බිනෝද් චෞද්රි සහ ශ්‍රී ලංකාවේ ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ ධනවතුන් අතර පෙරමුණේ රැදී සිටී.
| News 1st
මුලාශ්‍රය :
Mukesh Ambani still richest in South Asia—here’s who follows




