The Leader News
BREAKING
Top Ad
Biz

වැඩි මිලට වාහන අලෙවි වන රටවල් අතරින් ලංකාව තෙවන තැනට

T

The Leader Desk

August 11, 2025 • 11:45 AM

වැඩි මිලට වාහන අලෙවි වන රටවල් අතරින් ලංකාව තෙවන තැනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකයේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළෙඳපොළවල් තිබෙන රටවල් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව ඇඩ්වොකාටා ආයතනය (Advocata Institute) සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
  • එම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව ලකුණු 175 ක් ලැබී ඇති අතර මාලදිවයිනට ලකුණු 224.7ක්, සිංගප්පූරුවට ලකුණු 355.8ක් ලැබී ඇත.
  • වාහනවල 2021 වසරේ මිල ගණන්වලට අනුව මෙරට වාහනයක මිල ගෝලීය සාමාන්‍ය මිලට වඩා 1.75 ගුණයකින් ඉහළ බවත් මෙරට වාහන මිල ගණන් දෙවැනි වන්නේ සිංගප්පූරුවට සහ මාලදිවයිනට පමණක් බවත් එම සටහනේ දැක්විණි.
අකුරු ප්‍රමාණය (Font Size):


වාහනවල 2021 වසරේ මිල ගණන්වලට අනුව මෙරට වාහනයක මිල ගෝලීය සාමාන්‍ය මිලට වඩා 1.75 ගුණයකින් ඉහළ බවත් මෙරට වාහන මිල ගණන් දෙවැනි වන්නේ සිංගප්පූරුවට සහ මාලදිවයිනට පමණක් බවත් එම සටහනේ දැක්විණි.

එම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව ලකුණු 175 ක් ලැබී ඇති අතර මාලදිවයිනට ලකුණු 224.7ක්, සිංගප්පූරුවට ලකුණු 355.8ක් ලැබී ඇත.

වාහන ආනයනයට පනවා ඇති ඉහළ බදු ප්‍රතිශත සහ සීමාකාරී ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට වාහන හිමිකාරිත්වයක් ලබා ගන්නවා යනු ස්වල්ප දෙනෙකුට දැරිය හැකි සුඛෝපභෝගී දෙයක් බවට පත්වී තිබෙන බවත් එය සංචලතාව, ඵලදායිතාව සහ ආර්ථික අවස්ථා කෙරෙහි වක්‍රාකාරයෙන් බලපෑම් එල්ල කරන බවත් ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.

(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...