කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයන්හී බාහිර කථිකාචාර්ය මැණික් විද්‍යාඥ සත්‍යජිත් ධර්මප්‍රිය බුත්පිටිය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් එක්සත් ජනපද ඩොලර් අවශ්‍ය මොහොතක සහ සංචාරක කර්මාන්තයේ පිබිදීමක් සිදුවී තිබෙන අවස්ථාවක ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයක් ලෙස රට දියුණු කිරීම මගින් සුවිසල් මෙහෙයක් ඉටු කර ගත හැකි යැයිද ඔහු කීය.
මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් හා වෙන්දේසියක් 14 වෙනිදා
කොළඹ 02, නවම් මාවත අංක 50, ශ්‍රී ලංකා ජාතික වානිජ මණ්ඩලයේ ශ්‍රවනාගාරයේදී මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්, සහ වෙන්දේසියක් මෙම මස 14 වෙනිදා පෙරවරු 10.00 සිට 5.00 දක්වා පැවැත්වේ. ඒ සම්බන්ධයෙන් ඉකුත් දා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී බුත්පිටිය මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද ප්‍රකාශ කළේය.
''ලෝකයේ විවිධ රටවල මැණික් හමුවෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව අතීතයේ පටන් ප්‍රසිද්ධ මැණික් හමුවන මූලාශ්‍ර සහිත රටක් . වර්තමානයේ ඉහළ නවීන තාක්ෂණයක් තිබුණත්, රටට දැඩි ආර්ථික අවශ්‍යතාවයක් තිබුණත් මේ පොළොව තලයේ තිබෙන මැණික් නිසියාකාරව ප්‍රයෝජනයක් ගැනීමට අප සමත්වී නැහැ.
ලෝකයේ මැණික් නොමැති රටවල ජාත්‍යන්තර මැණික් පොළවල් සංවිධානය කරනවා. එසේ ඔවුන් කරන්නේ මැණික් තිබෙන රටවලින් ඒවා ලබා ගනිමින්. ඉතින් අපට මොකද බැරි මැණික් තිබියදීත් ජාත්‍යන්තර මැණික් පොළක් පැවැත්වීමට. මෙය වහාම විසඳාගත යුතු පැනයක් බවට පත්වී තිබෙනවා.
සංචාරකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට අප රටට පැමිණෙනවා. මෙලෙස පැමිණෙන සංචාරකයින් අතරින් මැණික් මිලදී ගන්නා පිරිස වැඩි කර ගැනීමට අප සමත්විය යුතුයි. වසරක් තුළ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙන්දේසි ප්‍රමාණය ඉතාම අල්පයි. අප එවැනි ප්‍රදර්ශන සහ වෙන්දේසි වැඩි ප්‍රමාණයක් වසර පුරා පැවැත්විය යුතුයි.
එවැනි දේ ක්‍රියාවට නැංවීම තුළින් අපටත් ජාත්‍යන්තර මැණික් අලෙවිකරණ මධ්‍යස්ථානයක් ලෙස රට පත් කර ගත හැකියි. ඒ සඳහා රජයේ සියලු බලධාරීන් අවධානය යොමු කොට පෞද්ගලික අංශයේ සහයෝගයද ලබා ගනිමින් කටයුතු කළ යුතුයි.
ඉතා දුක් මහන්සියෙන් උකහා ගන්නා මැණික්වලට ඉහළ මිලක් ලබා ගැනීමට අප කටයුතු කළ යුතුයි. මැණික් වල අගය එකතු කොට විදේශිකයින්ට අලෙවි කිරීමට අප කටයුතු කළ යුතුයි. ඒ හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අපට පුලුවන් කම ලැබෙනවා.
(සටහන | ජේ.මුණසිංහ)




