The Leader News
BREAKING
Top Ad
Biz

රු. කෝටි 3000ක මූල්‍ය වංචාවක් ! - 'ඔන්මැක්ස් ඩීටී' අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

T

The Leader Desk

November 4, 2023 • 4:24 AM

 රු. කෝටි 3000ක මූල්‍ය වංචාවක් ! - 'ඔන්මැක්ස් ඩීටී' අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීති විරෝධී අන්දමින් පිරමීඩ ජාවාරම් වල මුදල් ගනුදෙනු කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති "ඔන්මැක්ස් ඩීටී" (ONMAX DT)
  • මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉන්දික සම්පත්, ගයාෂාන් අබයරත්න, සම්පත් සඳරුවන් සාරංග රන්දීප සහ ධනංජය ජයාන් යන අයවලුන්ය.
  • සැකකරුවන්ගේ ගුවන් ගමන් බලපත් අධිකරණය භාරයට පත් කරන ලෙසටද ඔවුන් සතු ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට භාරදෙන ලෙසටද අධිකරණයෙන් නියම කෙරුණි.
  • ''සැකකරුවන්ගේ ගිණුම්වල තිබී මේ වන විට රුපියල් මිලියන 429ක මුදලක් සොයා ගෙන'' මෙම සැකකරුවන්ගේ ගිණුම්වල තිබී මේ වන විට රුපියල් මිලියන 429ක මුදලක් සොයා ගෙන ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණයට දැන්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):

පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා ලබන 16 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (03) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉන්දික සම්පත්, ගයාෂාන් අබයරත්න, සම්පත් සඳරුවන් සාරංග රන්දීප සහ ධනංජය ජයාන් යන අයවලුන්ය.

‘ඔන්මැක්ස් ඩීටී ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ ‘පිරමීඩ මූල්‍ය’ ජාවාරමක් සිදුකිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරුවන්ගේ ගුවන් ගමන් බලපත් අධිකරණය භාරයට පත් කරන ලෙසටද ඔවුන් සතු ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට භාරදෙන ලෙසටද අධිකරණයෙන් නියම කෙරුණි.


''සැකකරුවන්ගේ ගිණුම්වල තිබී මේ වන විට රුපියල් මිලියන 429ක මුදලක් සොයා ගෙන''


මෙම සැකකරුවන්ගේ ගිණුම්වල තිබී මේ වන විට රුපියල් මිලියන 429ක මුදලක් සොයා ගෙන ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණයට දැන්වීය.

ඒ අනුව සම්පත් සඳරුවන් නමැත්තාගේ ගිණුමේ තිබී රුපියල් මිලියන 558යි 9 ලක්ෂ 41 දහස් 658 ක්ද, ඉන්දික සම්පත් නමැත්තාගේ ගිණුම් තිබී රුපියල් මිලියන 29ද, ධනංජය ගයාන් නමැත්තාගේ ගිණුමේ තිබී රුපියල් මිලියන 117ක් ද, සාරංග ඉන්දික නමැත්තාගේ ගිණුමේ තිබී රුපියල් මිලියන 182ක් හා ගයේෂාන් අබේරත්න නමැත්තාගේ ගිණුමේ තිබී ලක්ෂ 19ක මුදලක්ද එසේ සොයා ගෙන ඇති බව නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

 මෙම පිරමීඩ ආකාරයේ මූල්‍ය ජාවාරමට පුද්ගලයන් දෙලක්ෂ විසි දහසකට ආසන්න පිරිසක් හසුවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු හෙළිකරගෙන ඇති බවද රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ පැවැසීය.

මේ වන විට සිදුකර තිබෙන විමර්ශනවලට අනුව රුපියල් කෝටි 3000ක පමණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවද මහජනතාවගෙන් ලබාගත් මෙම මුදල් හරහා මෙම සැකකරුවන් හෝටල්, ඉඩම්, වාහන ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ ලබාගෙන ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

''ජාවාරමට හසුවූ පුද්ගලයන් තිදෙනකු සිය මුදල් අහිමි වීම නිසා සියදිවි නසාගෙන''


මෙම මූල්‍ය ජාවාරමට හසුවූ පුද්ගලයන් තිදෙනකු සිය මුදල් අහිමි වීම නිසා සියදිවි නසාගෙන ඇති බවද මෙම ජාවාරමට හසුවූ තවත් එවැනිම පිරිසක් නීතිය අතට ගනිමින් මෙම සැකකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමට පෙලඹී ඇති බවද මාධ්‍ය මඟින් ඒ බැව් දැනගත් බවද ඔහු පැවැසීය.

බැංකු පනතේ 83-සී වගන්තිය යටතේ හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ මොවුන් වරදක් කර ඇති බව පෙනී යන බැවින් එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

දෙපාර්ශ්වය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

           

 තිස්සමහාරාම ඔන්මැක්ස් ඩී.ටී. (ONMAX DT) ආයතනය තුළ මුදල් ආයෝජනය කළ හාරලක්ෂ පනස් දහසකගේ රුපියල් කෝටි 3,000කට වැඩි මුදලක් වංචා කර ආයතන ප්‍රධානීන් රටින් පැන යෑමට උත්සාහ කරමින් සිටින බව ඔන්මැක්ස් ඩීටී අනාථ වූවන්ගේ සංගමයේ කැඳවුම්කරු ඩබ්ලිව්.එස්. දුමින්ද කුමාර පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේය.

ඔන්මැක්ස් ආයතනයෙහි මුදල් ආයෝජනය කළ ලක්ෂ හතරහමාරක් දෙනා ඒකරාශී කරගනිමින් විරෝධතා පා ගමනකින් කොළඹට ඒමට සැලසුම් කරමින් සිටින බවද ඔහු එහිදී සඳහන් කළේය.

ඔන්මැක්ස් ආයතනයේ ප්‍රධානීන් පස්දෙනා වන සම්පත් සඳරුවන්, ගයාන් අබේරත්න, ධනංජය ජයාන්, අතුල ඉන්දික, සාරංග ජයතිස්ස යන අය දේශපාලන රැකවල් මත කොළඹ සැඟව සිටින බවත් එම නිසා ඔවුන් සමඟ කතා කිරීමට හෝ අවස්ථාව නොලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

තැන්පත්කරුවන් බොහෝ පිරිසක් පහළින් සිටින ප්‍රධානීන් සොයා නිවාසවලට ගියද ඔවුන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

 ඔන්මැක්ස් අනාථ වූවන්ගේ සංගමයේ සම කැඳවුම්කරු එච්.ඩී. රුවන් ප්‍රසංග සඳහන් කළේ  “ලක්ෂ  හතරහමාරක පමණ පිරිසක් මේ අන්දමින් මුදල් ආයෝජනයට පෙලඹුණේ හෝටල්වල ප්‍රසිද්ධ දේශන පවත්වමින් ඔවුන් අපිට විශ්වාසෙ ඇති කළ නිසා. ඒ දේශනවලදී කිව්වේ අපෙන් ගන්න මුදල්වලින් ජෝර්ජියාවේ ආයෝජනය කරලා තියනවා. ලෝකේ ආර්ථික කලාපවල ආයෝජනය කරලා තියෙනවා  කියලයි. වැලි කාන්තාරවල ව්‍යාපෘති කරලා තියෙනවා කියලා පෙන්නුවා.''

රත්රන් බිස්කට් අරගෙන ලෝකෙ රත්රන් මිල අධිකම බැංකුවල තැන්පත් කරලා තියෙනවා කියලා කිව්වා. ක්‍රිප්ටො කරන්සිවල ලොකු ඉන්වෙස්මන්ට් කරලා තියනවා කිව්වා. ඉතින් ඒ ඔස්සේ අපි විශ්වාස කළා. මොකද ගොඩක් රාජ්‍ය නිලධාරීන් පවා මේකෙ ආයෝජනය කරන්න පටන් ගත්තා. හැබැයි කිසිම බලධාරියකු අපිට ඔන්මැක්ස් ඩීටී සල්ලි ආයෝජනය කරන්න එපා කියලා කිව්වෙ නෑ” යනුවෙන් ඔහු පැවසිය.

ඔන්මැක්ස් ඩීටී අනාථ වූවන්ගේ සංගමයේ ලේකම් ආර්.ඒ. සචි කුමාර අදහස් දක්වමින්, “දුක් මහන්සියෙන් හම්බ කර ගත්තු මුදල් ඔන්මැක්ස් ආයතනයේ ආයෝජනය කළේ එකට පස් ගුණයක් ලබාදෙනවා කියපු නිසා. අනාථ වූ හාරලක්ෂ පනස් දහසක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කිසිදු නියෝජිතයකු මේ වන තෙක් වචනයක් හෝ සඳහන් කර නෑ.” යැයි කියා සිටියා.

WhatsApp Image 2023 11 03 at 7.11.22 PM
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...