මෙම තත්ත්වය තුළ ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක් දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති අතර ආසියාකරයේ කොටස් වෙළෙඳපොළ ගණනාවක් ද එහි දැඩි බලපෑමට භාජනය වී ඇත.
පවතින වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙඳපොළ ද, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තීරණයේ ගොදුරක් බවට පත්ව ඇත්තේ, එකී තීරණය ප්‍රකාශයට පත්වීමත් සමඟම අඛණ්ඩ ගනුදෙනු දින 3ක් පුරාවට දැවැන්ත පරිහානියක් විඳදරා ගැනීමට සිදුවීමත් සමඟිනි.
පසුගිය අප්‍රේල් 02 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,007.44ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය ඊයේ (07) දිනයේ ගනුදෙනු සමාප්තිය වන විට ඒකක 14,660.45ක් දක්වා දැවැන්ත පහළයාමක් වාර්තා කර ඇත. එනම් මෙම ගනුදෙනු දින 03 තුළ දී පමණක් ඒකක 1,346.99 කින්, නැතහොත් 8.41%කින් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.
මේ අතර අප්‍රේල් 02 දින වන විට රු. බිලියන 5,688.56ක් ලෙසින් වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ වන විට රු. බිලියන 5,253.18ක් දක්වා පහළ බැස ඇත්තේ මෙම දින 03 තුළ දී පමණක් රු. බිලියන 435.37ක්, එනම් රු. කෝටි 43,537ක්, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සෝදා හරිමිනි.
මෙහිදී ඊයේ දිනය තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළට අහිමිව ඇති වටිනාකම රු. බිලියන 227කි.
| adaderana
සබැඳි ලිපි :
ට්‍රම්ප්ගේ තීරු බදු: ආසියානු වෙළෙඳපොළවල 'තියුණු කඩා වැටීමක්' දක්නට ඇත්තේ ඇයි?
ට්‍රම්ප් පැනවූ තීරු බදුවලින් කොළඹ කොටස් වෙළෙඳපොළට සිදුව ඇති බලපෑම
ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ලංකාව වැටෙයි ද ? | ඉෂංඛා සිංහආරච්චි
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු ගණනය කළේ කොහොමද?
ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකාවට අසාධාරණයක් වී ඇතැයි ට්‍රම්ප් කියන කතාව නිවැරදි ද?
ට්‍රම්ප් පැනවූ 44%ක තීරු බද්ද ශ්‍රී ලංකාව 'රැකියා සහ ඩොලර් අර්බුදයකට' ඇද දමයි ද?
ට්‍රම්ප් ගහන බදු අපිට බලපානව ද ? - මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළගේ පැහැදිලි කිරීමක් (වීඩියෝ)
ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල තර්ජනයක් ! - ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ශ්‍රී ලංකාවට 44%ක බද්දක් පනවයි
අමෙරිකාව ලොකු තීරු බද්දක් ගහන්නයි යන්නේ! - ගෝලීය බදු යුද්ධයට මුහුණ දෙන්න සූදානම් වෙන්න - සජිත්



