The Leader News
BREAKING
Top Ad
Biz

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට රු. බිලියන 50 ක්

T

The Leader Desk

November 13, 2023 • 2:30 PM

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට රු. බිලියන 50 ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනයට රුපියල් බිලියන 50 ක්
  • මීට පෙර කිසිම රජයක අයවැයකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට ලබා නොදුන් මුදලක් මෙවර අයවැයෙන් වත්මන් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස මේ අංශයේ දියුණුවට  ලබා දී ඇතැයිද ඒ සම්බන්ධයෙන් සතුටු වන්නේද සභාපතිවරයා පැවසීය.
  • කොවිඩ් 19 වසංගතයෙන් පසුව නැවත හිස ඔසවමින් පවතින රටේ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාර පුනර්ජීවනය හා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මේ සා විශාල මුදලක් වෙන් කිරීම ගැන වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් රජයට ප්‍රසාදය පල කරන බවද ඔහු කීය.
  • මෙලෙස වෙන් කළ මුදලින් තම වාණිජ මණ්ඩලය ආරම්භ කළ නවතම ව්‍යාපාර දියුණු කිරීමට අත දීමේ වැඩපිළිවෙළට ශක්තියක් සැපයිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තරම් අතිවිශාල මුදලක් ජාතික අයවැයකින් වෙන් කළේ ඉතිහාසයේ පලමු වතාවට යැයි සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති නවාස් රාජාබ්දීන් ප්‍රකාශ කළේය.

Nawaz Rajabමීට පෙර කිසිම රජයක අයවැයකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට ලබා නොදුන් මුදලක් මෙවර අයවැයෙන් වත්මන් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස මේ අංශයේ දියුණුවට  ලබා දී ඇතැයිද ඒ සම්බන්ධයෙන් සතුටු වන්නේද සභාපතිවරයා පැවසීය.

කොවිඩ් 19 වසංගතයෙන් පසුව නැවත හිස ඔසවමින් පවතින රටේ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාර පුනර්ජීවනය හා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මේ සා විශාල මුදලක් වෙන් කිරීම ගැන වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් රජයට ප්‍රසාදය පල කරන බවද ඔහු කීය.

මෙලෙස වෙන් කළ මුදලින් තම වාණිජ මණ්ඩලය ආරම්භ කළ නවතම ව්‍යාපාර දියුණු කිරීමට අත දීමේ වැඩපිළිවෙළට ශක්තියක් සැපයිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

මීට අමතරව මෙලෙස අයවැයෙන් වෙන් කළ මුදලින් තරුණ ව්‍යවසායකයින්ට දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට අරමුදල් සැපයිය යුතුයැයි ඔහු යෝජනා කළේය.

ඊට අමතරව කාන්තා ව්‍යවසායකයින්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අඩු පොලී ණයක් ලබා දීමට ක්‍රියා කරන්නැයි තමා ඉල්ලා සිටින බවද රාජාබ්දීන් කළේය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...