The Leader News
BREAKING
Top Ad
Biz

ඖෂධ සංස්ථාවේ ඔසුසල් 50න් 26ක්ම අලාභයි !

T

The Leader Desk

April 11, 2023 • 4:45 AM

ඖෂධ සංස්ථාවේ ඔසුසල් 50න් 26ක්ම අලාභයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සතු ඔසුසල් 50න් ඔසුසල් 26ක්ම 2021 වර්ෂය තුළ දී රු. මිලියන 53 ක (රු. 53,239,900 ක) අලාභ ලබා තිබෙන බවත් ඉන් ඔසුසල් 10ක අලාභය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 15 සිට සියයට 175 දක්වා වූ පරාසයකින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.
  • එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.
  • ඉකුත් වර්ෂය තුළ ලාභ ලබා තිබුණු රත්නපුර, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, බණ්ඩාරගම හා මොනරාගල ස්ථාපිත ඔසුසල් 04 සමාලෝචිත වර්ෂයේ දී අලාභ ලබා තිබුණි.
  • ඔසුසල් 09ක ඉකුත් වර්ෂයේ දී ලැබී තිබුණු ලාභය සමඟ සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ දී ලැබී තිබුණු ලාභය සියයට 5.7 සිට සියයට 7,411 දක්වා පරාසයකින් අඩු වී තිබුණු බවද නිරීක්ෂණය විය.
අකුරු ප්‍රමාණය (Font Size):



2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාවේ, විගණකාධිපති වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.

ඉකුත් වර්ෂය තුළ ලාභ ලබා තිබුණු රත්නපුර, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, බණ්ඩාරගම හා මොනරාගල ස්ථාපිත ඔසුසල් 04 සමාලෝචිත වර්ෂයේ දී අලාභ ලබා තිබුණි. ඔසුසල් 09ක ඉකුත් වර්ෂයේ දී ලැබී තිබුණු ලාභය සමඟ සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ දී ලැබී තිබුණු ලාභය සියයට 5.7 සිට සියයට 7,411 දක්වා පරාසයකින් අඩු වී තිබුණු බවද නිරීක්ෂණය විය. Covid 19 වසංගත තත්ත්වය මීට හේතු වූ බව සභාපතිවරයා විසින් දන්වා තිබුණි.

සමාලෝචිත වර්ෂයේ දී රු. 5,902,985 ක වැඩිම අලාභයක් ලබා තිබුණු දඹුල්ල ඔසුසලේ ඉකුත් වර්ෂයේ අලාභය රු. 4,896,404 ක් විය.

2020 හා 2021 වර්ෂවල දී පිළිවෙලින් රු. 3,460,998 ක හා රු. 4,412, 492 ක වෛද්‍ය සැපයුම් හානිවීම හෝ කල් ඉකුත්වීම එවැනි අලාභයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි. ඖෂධවල විකුණුම් පුරෝකථනයන් මඟින් වාර්ෂික අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගෙන නොතිබීම හා අඩු අලෙවි ප්‍රතිශතයක් ඇති ඖෂධවල ඉහළ තොග මට්ටම් පිළිබඳ අවධානය යොමු කර ඒවා වැඩියෙන් අලෙවි වන ඔසුසල් වෙත මාරු නොකිරීම මේ තත්ත්වය ඇතිවීමට හේතුවී තිබුණි.

ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ දී ඔසුසල් කාර්ය මණ්ඩලයේ කිසිදු සංඛ්‍යාත්මක වෙනසක් සිදුවී නොතිබුණු නමුත් ඔසුසල් 32ක කාර්ය මණ්ඩල වියදම් සියයට 10 සිට සියයට 32 දක්වා පරාසයකින් වැඩි වී තිබුණි. ඉන් ඔසුසල් 12ක්ම සමාලෝචිත වර්ෂය තුළ දී අලාභ ලබා තිබුණු ඔසුසල් විය.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ඔසුසලේ කාර්ය මණ්ඩල වියදම් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ දී රු. 4,760,913 කින් ඉහළ ගොස් තිබුණු අතර එය එම ඔස්සලේ අලාභය කෙරෙහි සෘජුව බලපා තිබුණි. සාමූහික ගිවිසුමට අනුව සමාලෝචිත වර්ෂය තුළ දී කාර්ය මණ්ඩල වැටුප් වැඩිවීම හා Covid 19 වසංගත තත්ත්වය නිසා ආදායම අඩුවීම මීට හේතු වූ බව සභාපතිවරයා විසින් දන්වා තිබුණි.


(adaderana.lk)




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඖෂධ සංස්ථාවේ ඔසුසල් 50න් 26ක්ම අලාභයි ! | The Leader