The Leader News
BREAKING
Top Ad
Biz

'ඉයොන් ලංකා' හිමිකරු කෝටි 990ක වංචාවකට සැකපිට අත්අඩංගුවට

T

The Leader Desk

October 28, 2023 • 4:51 AM

 'ඉයොන් ලංකා' හිමිකරු කෝටි 990ක වංචාවකට සැකපිට අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම
  • මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 'ඉයෝන් ලංකා ඉන්වෙස්මන්ට්' ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස් හිමිකරු ලෙස කටයුතු කර ඇති ධම්මික අතපත්තු නැමැති අයෙකි.
  • පසුව මහ බැංකුව ද සිදුකළ විමර්ශණයක ප්‍රතිඵලයක් ලෙස එහි කළමනාකරුවෙකුට මීට පෙර අත්අඩංගුවට ගැනිණ.
  •  ඉන් අනතුරුව මෙම ආයතනයේ හිමිකරු සැඟව සිටි අතර අඛණ්ඩව සිදුකළ විමර්ශණයකින් අනතුරුව ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 'ඉයෝන් ලංකා ඉන්වෙස්මන්ට්' ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස් හිමිකරු ලෙස කටයුතු කර ඇති ධම්මික අතපත්තු නැමැති අයෙකි.

මහනුවර 'කැන්ඩි විව්ගාර්ඩ්න්' ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය 'ඉයෝන් ලංකා ඉන්වෙස්මන්ට්' ආයතනයේ වංචා සහගත ක්‍රියා කලාපය සම්බන්ධයෙන් 2020 වසරේදී 'නෙත් එෆ් එම් බැලුම්ගල' පළමුවරට අනාවරණය කර තිබිණ.

පසුව මහ බැංකුව ද සිදුකළ විමර්ශණයක ප්‍රතිඵලයක් ලෙස එහි කළමනාකරුවෙකුට මීට පෙර අත්අඩංගුවට ගැනිණ.  ඉන් අනතුරුව මෙම ආයතනයේ හිමිකරු සැඟව සිටි අතර අඛණ්ඩව සිදුකළ විමර්ශණයකින් අනතුරුව ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

(nethnews.lk) 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...