අලෙවි සම්මේලනය (Amul ව්‍යාපාරය) සහ ශ්‍රී ලංකාවේ කාගිල්ස් සමූහ ව්‍යාපාරය, ඉන්දීය ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට එළඹීම ඊයේ (11) සිදුවිය.
ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති වික්‍රමසිංහ ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදුවිය.
ජනාධිපති වික්‍රමසිංහ ගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිකරගත් මෙම ගිවිසුම මගින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය නවීකරණය සඳහා අරමුදල් සැපයේ. ඒ අනුව, පළමු වසර 5 තුළ කිරි නිෂ්පාදනය 53% කින් ඉහළ නංවමින් වසර 15ක් තුළ ශ්‍රි ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම මෙම නව ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වනු ඇත.
ඒ යටතේ සතුන් සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ඖෂධ, ආහාර සහ තාක්ෂණික සහයෝගය ඇතුලු පහසුකම් සපයමින් දේශිය කිරි ගොවීන් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම අපේක්ෂා කෙරේ.
ඊට අමතරව පශු සම්පත් ක්ෂේත්‍රය ඩිජිටල්කරණය , කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි කිරීම වෙනුවෙන් නව තාක්ෂණය සඳහා ආයෝජනය සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන පහසු මිලට ලබා ගැනීමට අවස්ථාව හිමිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් උදා වේ.
මෙලෙස ගිවිසුම්ගත වීම හරහා පිහිටුවන් ලැබූ ඒකාබද්ධ සමාගමෙහි 49% ක කොටස් හිමිකාරීත්වය කාගිල්ස් (සිලෝන්) සමූහ ව්‍යාපාරය සතුවනු ඇත.
ශ්‍රී ලංකාවට කිරි පොවන්න ඉන්දියාවේ Amul - කාගිල්ස් එක්වෙයි
T
The Leader Desk
October 12, 2023 • 2:48 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දියාවේ ගුජරාට් සමුපකාර කිරි
- ජයශංකර් සහ ජනාධිපති වික්‍රමසිංහ ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදුවිය.
- ඒ අනුව, පළමු වසර 5 තුළ කිරි නිෂ්පාදනය 53% කින් ඉහළ නංවමින් වසර 15ක් තුළ ශ්‍රි ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම මෙම නව ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වනු ඇත.
- ඒ යටතේ සතුන් සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ඖෂධ, ආහාර සහ තාක්ෂණික සහයෝගය ඇතුලු පහසුකම් සපයමින් දේශිය කිරි ගොවීන් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



