The Leader News
BREAKING
Top Ad
Biz

'API Asia' තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය නොවැ.16 කොළඹ දී

T

The Leader Desk

September 6, 2023 • 3:34 PM

'API Asia' තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය නොවැ.16 කොළඹ දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ
  • 'ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම' යන තේමාව ඔස්සේ වෘත්තිකයන් 500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරනු ලබයි.
  •  මෙම සම්මන්ත්‍රණය මෙරට දී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
  • “DIGIECON Sri Lanka 2023 - 2030”  වැඩසටහනට සමගාමීව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම විශේෂත්වයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මූල්‍ය තාක්‍ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන  “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

'ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම' යන තේමාව ඔස්සේ වෘත්තිකයන් 500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරනු ලබයි.

 මෙම සම්මන්ත්‍රණය මෙරට දී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“DIGIECON Sri Lanka 2023 - 2030”  වැඩසටහනට සමගාමීව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම විශේෂත්වයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත්මේ බව සඳහන් කර සිටියේ “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන්  අද (06) පෙරවරුවේ  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති  හමුවේ දී ය.

“API Asia Conference 2023” නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන වැඩපිළිවෙළේදී මෙම සමුළුව මඟින් ලැබෙන දායකත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, ආසියා පැසිෆික් කලාපයේ විද්වතුන් සහභාගී වන මෙම සමුළුවේ දී ඩිජිටල් පරිවර්තනය හරහා  ඉහළ තරගකාරීත්වයක් සහිත වෙළෙඳපොළට ප්‍රවේශවීම සහ  රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කර ගැනීමට අදාළ අදහස් හුවමාරු කර ගැනීමට ද අපේක්ෂිත බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපති ඉන්දික ද සොයිසා,තාක්‍ෂණික ඒකාබද්ධතාව, මූල්‍ය කළමනාකරණය සහ තිරසාර සංවර්ධනයේ වැදගත්කම මෙන්ම තාක්‍ෂණ මූල්‍ය කළමනාකරණය සහ වර්ධනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේදී ආයතනික විධායකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව කරුණු අවධාරණය කළේය.

ව්‍යාපාර ප්‍රගතිය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරන නවතම ප්‍රවණතා, හොඳම භාවිතයන් සහ නව්‍ය API (යෙදුම් ක්‍රමලේඛන අතුරු මුහුණත) භාවිත අවස්ථා පිළිබඳ වටිනා අවබෝධයක් මෙම සමුළුව මඟින් සපයනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

API Asia Conference 2023 හි සම සභාපති සංජය දයානන්ද අදහස් දක්වමින් ආයතනවල ඩිජිටල් පරිවර්තන ප්‍රයත්නයන් සඳහා API අත්‍යවශ්‍ය බවත්, සමාජය සහ ව්‍යවසාය සේවා හරහා API හි පුළුල් බලපෑම සම්බන්ධවත් කරුණු පැහැදිලි කළේය.

Api Asia 1

Api Asia 2

Api Asia 3

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...