The Leader News
BREAKING
ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා' තුළින් සමාජය පිටුදකින මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සොයයි●වෙලිංටන් පිටියේදී ඉන්දියාවෙන් ලකුණු 720ක වාර්තාගත ප්‍රහාරයක්!●පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව●මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා●ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප●එමිරේට්ස් යන ඔබ දැනගත යුතු ඇඳුම් පැළඳුම් සීමාවන්●උද්වේගය සහ සන්ත්‍රාසය තුළින් ඉතිහාසය වර්තමානයට: 'Uprising'●Diginote - ඩොලර් බිලියනයක විනිමය වංචාවක් හෙළිවේ; SRR අනුපාතය 3% දක්වා ඉහළට●
Top Ad
පුවත්

පාම් ඔයිල් තහනමෙන් BOI සමාගම් කිහිපයක්ම හාන්සි! - බේකරි හිමියන්ගෙන් රතු එළියක්!

T

The Leader Desk

April 6, 2021 • 2:26 PM

පාම් ඔයිල් තහනමෙන් BOI සමාගම් කිහිපයක්ම හාන්සි! - බේකරි හිමියන්ගෙන් රතු එළියක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුළ ආයෝජන මණ්ඩලය අනුමැතිය යටතේ ක්‍රියාත්මක විදෙස් සමාගම් කිහිපයක්ම බරපතල අර්බුදයකට ගොස් ඇතැයි වාර්තාවේ.
  • වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (05) නිවේදනය කළේය.
  • දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.
  • මීට සමගාමීව කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා දී ඇති උපදේශය බලාත්මක කරමින් ඊට අදාළ නීති යටතේ නියෝග පනවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
තුළ ආයෝජන මණ්ඩලය අනුමැතිය යටතේ ක්‍රියාත්මක විදෙස් සමාගම් කිහිපයක්ම බරපතල අර්බුදයකට ගොස් ඇතැයි වාර්තාවේ.
 
වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (05) නිවේදනය කළේය.
 
දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.
 
මීට සමගාමීව කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා දී ඇති උපදේශය බලාත්මක කරමින් ඊට අදාළ නීති යටතේ නියෝග පනවා තිබේ.
 
 
 
BOI සමාගම් ගැන චක්‍රලේඛයේ නැහැ ?
 
ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා කිහිපයක් ආයෝජන මණ්ඩලය අනුමැතිය යටතේ පිරිපහදු නොකරන පාම්තෙල් ශ්‍රී ලංකාවට ආනයනය කර, මෙරට තුළදී  පිරිපහදු කර අගය එකතු කර (වනස්පති  මේදය වශයෙන් )හෝ බේකරි මේද සහ මාගරින් වශයෙන් ඉන්දියාව ආනයනය කරනු ලබයි.
 
එවැනි කර්මාන්තශාලා පහකටකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර මේ සියල්ල ආයෝජන මණ්ඩල යටතේ ක්‍රියාත්මක වන විදේශීය ආයෝජන කර්මාන්තයන්ය.
 
මෙම අදාල චක්‍රලේඛයේ මෙම කර්මාන්තශාලා හෝ ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැත.
 
ඉතාමත් තීරණාත්මක විදේශ විනිමය අර්බුදයකට සහ විදේශ ආයෝජන හිඟයකට මුහුණ පා ඇති ශ්‍රී ලංකාව මෙවැනි සංවේදි ආයෝජන සම්බන්ධයෙන් සැලකිළිමත් නොවීම ඉතාමත් බරපතල තත්වයක් බවත්, මෙම තත්ත්වය ‍යටතේ මෙරට ආයෝජන කිරීම ආයෝජකයන් දෙවරක් සිතනු නොඅනුමාන බවත් මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂඥයකු පැවසිය.
 
 
බේකරි හිමියන්ගෙන් රතු එළියක් !
 
Margarine
බේකරි නිශ්පාදන සදහා අත්‍යවශ්‍යම සාධකයක් වන මාගරින් නිපදවෙන්නේ පාම් ඔයිල් යොදාගනිමිනි.
 
 
මේ අතර සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසන්නේ, මෙරට පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා බේකරි නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් කඩා වැටෙනු ඇති බවත්, මෙරට බේකරි නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට සිදු වනු ඇති බවත්ය.
 
බේකරි නිශ්පාදන සදහා අත්‍යවශ්‍යම සාධකයක් වන මාගරින් නිපදවෙන්නේ පාම් ඔයිල් යොදාගෙන බැවින් පාම් ඔයිල් තහනම් කිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදන කටයුතු සිදු කිරීමය නොහැකි වනු ඇත.
 
අවශ්‍ය වෙනත් ඔයිල් වර්ග ගෙන්වන්නේ නොමැතිව පාම් ඔයිල් තහනම් කිරීම ප්‍රයෝගික නොවන අතර මෙය විශාල අර්බුදයක පෙර නිමිත්තක් බව එන්. කේ. ජයවර්ධන සඳහන් කරයි.
 
මේ තීරණයෙන් වන්නේ ලංකාව පුරා සිටින බේකරි සහ හෝටල්කාරයින් පාරට ගෙන්වා නැති ප්‍රශ්නයක් ඇති කිරීමට බව එන්. කේ. ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි.
 
 Keheliya Rambukwella
''කාලීන අවශ්‍යතාවයන් මත ගැසට් නිවේදනයේ යම් වෙනස්කම් සිදුවීමට ඉඩ තියනවා. '' -කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල
 
පාම් ඔයිල් හා පොල්තෙල් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.
 
එහිදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුයේ, පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළව නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයේ කාලීන අවශ්‍යතාවයන් මත යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවයි. 
 
ඒ අතර ආහාරවල අන්තර්ගත වියයුතු “ඇෆ්ලටොක්සින්“ ප්‍රමාණය සම්බන්ධයෙන් රජය ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
 
 
 

 

 


 

THE LEADER TV

 

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

 

සීතා - දමිත හුටපටේ...!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාම් ඔයිල් තහනමෙන් BOI සමාගම් කිහිපයක්ම හාන්සි! - බේකරි හිමියන්ගෙන් රතු එළියක්! | The Leader