නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන BYD ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD පාරිභෝගික වාහන පෙළ බෙදාහැරීම ඊයේ (27) දින ආරම්භ කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් John Keells සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපති චරිත සුබසිංහ මේ බව කියා සිටියේය.
BYD මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන John Keells CG Auto (JKCG Auto) BYD හි නව බලශක්ති වාහන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමේ සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයකදී ආනයනය කළ පළමු රථවාහන පෙල නිල වශයෙන් පාරිභෝගිකයින් වෙත භාර දීම මේ අනුව ඊයේ දින ආරම්භ කරන ලදී.
මේ වන විට ආනයනය කරන ලද පළමු BYD වාහන තොගය පසුගිය මාර්තු 14 වැනි දින ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම රථ වාහන අතර BYD SEALION 6, BYD ATTO 3, BYD DOLPHIN ඇතුලු තවත් රථ වාහන මාදිලි කිහිපයක් ඇතුළත් විය. එහිදී BYD මෝටර් රථ 462ක් ආනයනය කර තිබුණි.
| adaderana
ශ්‍රී ලංකාවට ආනයනය කළ BYD පළමු වාහන තොගය බෙදාහැරීම ඇරඹෙයි.
T
The Leader Desk
March 28, 2025 • 8:30 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ වන විට BYD මෝටර් රථ වෙනුවෙන් 3,000ක පමණ ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම සියලු වාහන එළඹෙන මැයි - ජූනි පමණ විට බෙදාහැරීමට හැකිවනු ඇති බවත් John Keells සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපති චරිත සුබසිංහ පැවසීය.
- එහිදී BYD මෝටර් රථ 462ක් ආනයනය කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


