ශ්‍රී ලංකා රේගුව සමග සහයෝගයෙන් කටයුතු කරන බවත්, මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියලු ලියකියවිලි සපයන බවත්, එම ආයතනය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.
BYD වාහන චීනයේ නිෂ්පාදකයාගෙන් සෘජුවම ආනයනය කර ඇති බවත්, සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළඳපොළවල අලෙවි කරන මාදිලිවලට සමාන බවත්, එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ජෝන් කීල්ස් පවසන්නේ, ආනයනික වාහන සිංගප්පූරුව වැනි නියාමනය කරන ලද ජාත්‍යන්තර වෙළඳපොලවල විකුණනු ලබන ඒවාට සමාන 100 kW මාදිලි බවයි. නිසි නීතිමය මාර්ග හරහා සහ සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව වාහන ආනයනය කර ඇති බව සමාගම අවධාරණය කරයි.
ජෝන් කීල්ස් CG ඔටෝ (පුද්ගලික) සමාගම විසින් එම කරුණු සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත්තේ, බදු ගණනය කිරීම සඳහා භාවිතා කරන මෝටර් ධාරිතාව ප්‍රකාශයට පත් කිරීමේ ගැටලුවක් හේතුවෙන් මෙරටට ගෙන්වන ලද තොග හයකින් යුත් චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000 ක් පමණ ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති බවට පලවී ඇති මාධ්‍ය වාර්තා වාර්තාවලට ප්‍රතිචාරයක් වශයෙනි.
ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන ජෝන් කීල්ස් සමාගම, මෙම වාහන අව්‍යාජ, අනුකූල සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂා කර ඇතැයි " යයි සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි.
එම නිවේදනය පහතින්,
මුලාශ්‍රය :
John Keells responds to claims over BYD vehicle imports
සබැඳි පුවත් :
ජෝන් කීල්ස් ගෙනා BYD EVs 1000ක් රේගු අත්අඩංගුවට; බදු වංගුව හොයන්න පරීක්ෂණයක්




