මෙම එකඟතාව යටතේ ලංකා වාණිජ මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන සාර්ව ආර්ථික සහ ක්ෂේත්‍රයීය බුද්ධි තොරතුරු භාවිතා කිරීමට DFCC බැංකුවට අවස්ථාව හිමි වේ.
මෙය DFCC බැංකුවට මෙන්ම එහි ගනුදෙනුකරුවන්ටද බෙහෙවින් වැදගත් වනු ඇති අතර, එමගින් මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ, පවතින තත්වයන්ට වඩාත්ම හොඳින් අනුගත වන බැංකුවක් ලෙස DFCC බැංකුව දිනා සිටින කීර්ති නාමය තවදුරටත් තහවුරු වනු ඇත.
මෙය ලංකා වාණිජ මණ්ඩලයේ පර්යේෂණාත්මක හැකියාවන් තුළින් ප්‍රයෝජන ලැබීමට DFCC බැංකුවට ලැබෙන මහඟු අවස්ථාවකි.
මේ යටතේ ලංකා වාණිජ මණ්ඩලයේ තෛයිමාසික සාර්ව ආර්ථික තත්ත්ව විශ්ලේෂණය, බැංකු ක්ෂේත්‍රයට අදාළ වූ තොරතුරු සහ වෙළඳපොළ බුද්ධි තොරතුරු ආදිය භාවිතා කිරීම DFCC බැංකුවට අවස්ථාව හිමි වේ.
මෙමගින් ක්‍රමෝපාය සැලසුම් කිරීමේ සිට සේවාදායකයන්ට උපදෙස් ලබාදීම දක්වා වඩාත් නිවැරදි තොරතුරු භාවිතා කිරීමට මෙන්ම, ආර්ථිකයේ නවතම ප්‍රවණතාවන්ට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ප්‍රතිචාර දැක්වීමට DFCC බැංකුවට හැකියාව ලැබෙනු ඇත.
මෙම හවුල්කාරීත්වය යටතේ ලංකා වාණිජ මණ්ඩලය විසින් DFCC බැංකුව වෙත දළ දේශීය නිෂ්පාදිතයේ ක්‍රියාකාරීත්වය, උද්ධමන ප්‍රවණතා, ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා ආදිය සම්බන්ධ වැදගත් තොරතුරු මෙන්ම DFCC බැංකුවේ සේවාදායක කාණ්ඩයන්ට සුදුසු පරිදි සම්පාදනය කළ ක්ෂේත්‍ර විශ්ලේෂණයන්ද ලබාදීමට නියමිතය.
මෙය බැංකුවේ අභ්‍යන්තර ශක්‍යතාවන් වැඩිදියුණු කරන අතරම ගනුදෙනුකරුවන් වඩාත් හොඳින් අදාළ වන තොරතුරු සහ මගපෙන්වීම් ලබාදීමට උපකාරී වනු ඇත.
“මේ හවුල්කාරීත්වය අපටත් අපගේ ගනුදෙනුකරුවන්ටත් බෙහෙවින් ප්‍රයෝජනවත්එකක් වේවි. කාලීන ආර්ථික අවබෝධය සහ බුද්ධිමය තොරතුරු මගින් අපගේ ගනුදෙනුකරුවන් මුහුණ දෙන යථාර්ථයන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය සේවාවන් පිරිනැමීමට අපට හැකියාව ලැබෙනවා.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා පැවසීය.
“අපගේ අරමුණ වන්නේ ආර්ථික බුද්ධි තොරතුරු හුදෙක් රැස්වීම් කාමරවලට සීමා වීමට ඉඩ නොදී ඒවා ව්‍යාපාරවලට වැදගත් වන මගපෙන්වීම් බවට පත්කිරීමටයි. DFCC බැංකුව සමග අත්වැල් බැඳගැනීම යනු එම අරමුණ යථාර්ථයක් බවට පත්කිරීමේ උත්සාහයක්. මෙමගින් ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ උපදෙස් ලබාදීමටත්, කඩිනමින් නිවැරදි තීරණ ගැනීමටත්, වඩාත් හොඳ ව්‍යාපාරික ප්‍රතිඵල ළඟා කරගැනීමටත් DFCC බැංකුවට හැකියාව ලැබේවී.” ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී බුවනෙක පෙරේරා පැවසීය.
මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම 2025 ජූනි මස 12 වැනිදා සිදුකෙරිණි. මෙය ශ්‍රී ලංකාව තුළ වඩාත් සුහුරු මූල්‍ය සේවා ක්ෂේත්‍රයක් ගොඩනැංවීම සඳහා දෙපාර්ශ්වය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් විය.
මෙම හවුල්කාරීත්වය, මූල්‍ය විශේෂඥභාවය සහ ක්‍රමෝපායික තොරතුරු ඒකාබද්ධ කරමින් ගනුදෙනුකරුවන්ට වඩාත් ඵලදායී, කාර්යක්ෂම සහ දූරදර්ශී බැංකු සේවාවන් පිරිනැමීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.
| aruna
DFCC බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලය අත්වැල් බැඳගනී
T
The Leader Desk
June 25, 2025 • 11:07 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- DFCC බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලය අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි.
- මෙය DFCC බැංකුවට මෙන්ම එහි ගනුදෙනුකරුවන්ටද බෙහෙවින් වැදගත් වනු ඇති අතර, එමගින් මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ, පවතින තත්වයන්ට වඩාත්ම හොඳින් අනුගත වන බැංකුවක් ලෙස DFCC බැංකුව දිනා සිටින කීර්ති නාමය තවදුරටත් තහවුරු වනු ඇත.
- මෙමගින් ක්‍රමෝපාය සැලසුම් කිරීමේ සිට සේවාදායකයන්ට උපදෙස් ලබාදීම දක්වා වඩාත් නිවැරදි තොරතුරු භාවිතා කිරීමට මෙන්ම, ආර්ථිකයේ නවතම ප්‍රවණතාවන්ට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ප්‍රතිචාර දැක්වීමට DFCC බැංකුවට හැකියාව ලැබෙනු ඇත.
- මෙය බැංකුවේ අභ්‍යන්තර ශක්‍යතාවන් වැඩිදියුණු කරන අතරම ගනුදෙනුකරුවන් වඩාත් හොඳින් අදාළ වන තොරතුරු සහ මගපෙන්වීම් ලබාදීමට උපකාරී වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


