The Leader News
BREAKING
Top Ad
Biz

DSI සැම්සන් පවුලේ අවුල යළි අධිකරණය හමුවට

T

The Leader Desk

October 19, 2023 • 5:41 PM

DSI සැම්සන් පවුලේ අවුල යළි අධිකරණය හමුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • DSI සැම්සන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල
  • කොළඹ වානිජ්‍ය මහාධිකරණය පසුගිය 09 වැනිදා ඊට අදාල නියෝගය ලබාදී තිබිණ.
  • අදාළ අධ්‍යක්ෂවරු විසින්  DSI සැම්සන් සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර ඇති අතර ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත ස්ථාපනය කිරීමට ද අධිකරණය නියෝගකර තිබිණි.
  • බොරැල්ල හරස් පාරේ සිය නිවසකට ජුනි 22 අලුයම ටී 56 ගිනි අවියකින් එල්ල වූ වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මොහු සහ යුධ හමුදාවෙන් පැනගිය සෙබළකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

සාමාජිකයින්ට එරෙහිව හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු විසින් ගොනුකර ඇති නඩුව ලබන නොවැම්බර් 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.

කොළඹ වානිජ්‍ය මහාධිකරණය පසුගිය 09 වැනිදා ඊට අදාල නියෝගය ලබාදී තිබිණ.

DSI සැම්සන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අය හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිව එම නඩුව පවරා ඇත්තේ එහි අධ්‍යක්ෂවරයකුව සිටි සජිත රාජපක්ෂ විසිනි.

DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා දැරූ ධූරවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව, අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව උක්ත වග උත්තරකරුවන්ට එරෙහිව සජිත රාජපක්ෂ මෙම නඩුව ගොනුකර තිබේ.

අදාළ අධ්‍යක්ෂවරු විසින්  DSI සැම්සන් සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර ඇති අතර ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත ස්ථාපනය කිරීමට ද අධිකරණය නියෝගකර තිබිණි.

සමාගම් ලේකම්වරිය වන අරුණි ද සිල්වා විසින් සෙසු අධ්‍යක්ෂවරුන්ගේ අනුදැනුම ඇතිව, තමා කළමනාකාර අධ්‍යක්ෂ ධූර හා අධ්‍යක්ෂ ධූර දරණ ආයතනවල පැවැත්මට නෛතික බාධාවක් වන අයුරින් හා තමාට බාධාවන ආකාරයට කටයුතු කරමින් හිතා මතා රාජකාරි පැහැර හැර ඇති බවද මේ නඩුව ගොනුකරමින් සජිත රාජපක්ෂ අධිකරණයට කරුණු දක්වා තිබිණ.

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමාට එරෙහිව එල්ලවූ චෝදනාවක් මත පසුගියදා තමාව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවත්, ඒ අතරතුර කාලයේදී තමා  අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට එම අධ්‍යක්ෂවරු කුමන්ත්‍රණය කරමින් කටයුතු කර ඇති බවත් සජිත රාජපක්ෂ අධිකරණයට වාර්තා කර ඇත.

බොරැල්ල හරස් පාරේ සිය නිවසකට ජුනි 22 අලුයම ටී 56 ගිනි අවියකින් එල්ල වූ වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මොහු සහ යුධ හමුදාවෙන් පැනගිය සෙබළකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ.


මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන DSI සැම්සන් පවුල් සමාගමේ අධ්‍යක්ෂවරු අතර ගැටුම් මතුවූයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු විසින් අදාළ සමාගමේ කොටස් සහ ලාභාංශ පවුලේ සාමාජිකයන් අතර සාධාරණව බෙදා වෙන්කරගැනීමට ඉදිරිපත් කරණ ලද යෝජනාවක් සමඟය. හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා එම යෝජනාව DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ පසුගිය (2023) අප්‍රේල් මුල් සතියේදීය.


මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන මේ ව්‍යාපාරය සතුව සමාගම් 30ක් පමණ වන අතර ඉන් ලාභ ලබන ප්‍රධානම සමාගම් කිහිපය මෙහෙයවනු ලබන්නේ අදාළ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ පුත්‍රයන් විසින්ය.

හදිස්සියේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් කෙරුණු සජිත රාජපක්ෂ, එම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ එක් පුත්‍රයකු වන අතර අදාළ සමාගම් ජාලයේ වැඩිම විදෙස් විනිමය ගෙන එන සමාගම වන ''සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම'' මෙහයවනු ලබන්නේ ඔහු විසින් බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය.

ඒ අතරින් අපනයන වෙළෙඳපොළ සඳහා DSI ටයර් නිෂ්පාදනය සිදුකරනු ලබන ප්‍රධාන සමාගමක් වන්නේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පෞද්ගලික සමාගම වන අතර එය ලොව අතිනවීන තාක්ෂණය යොදාගන්නා ඉහළ  එකතුකල අගයක් ඇති  සුවිශේෂී වූ නිෂ්පාදන සිදුකරන අති නවීන කර්මාන්ත ශාලාවකි.

සජිත් රාජපක්ෂ මෙහෙයවනු ලබන සමාගම් DSI සමූහ ව්‍යාපාරයේ සමාගම්වලින් අඩුම ණය බරක් සහිත, ඉහළම ආයතනික බදු ගෙවන සමාගම් ලෙස සැලැකෙන අතරම එම ආයතන ජාලයේ රැකියා අවස්ථා දහස් ගණනක් ලබා දෙන මූලික සමාගමක් ද වේ.

වසර 2019-2022 පාස්කු ප්‍රහාරය හා කොරෝනා තත්ත්වයන් පැවැති කාලයේදී පවා මෙරට ඉහලම ආදායම් ලැබූ ආයතන ලෙස සැලැකෙන ආයතන අතර ද සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් අතර මුල් පෙළ වූ සමාගම් දෙකකි.


සබැඳි පුවත් ;
DSI අධ්‍යක්ෂ අත්අඩංගුවට !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...