The Leader News
BREAKING
Top Ad
Biz

Fabric Softener වැට් බද්දෙන් නිදහස් කර රජයට මිලියන 200ක පාඩුවක් කරලා !

T

The Leader Desk

April 20, 2023 • 4:45 AM

Fabric Softener වැට් බද්දෙන් නිදහස් කර රජයට මිලියන 200ක පාඩුවක් කරලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාසල් දරුවාගේ කොපි පොතටත්, පැන්සලටත් 15% ක වැට් බදු පැනවූ මුදල් අමාත්‍යංශය, බහුජාතික සමාගමක් පිනවීමට ඇඳුම් සුවඳ කරන Fabric Softener නිෂ්පාදනය වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි වාර්තාවේ.
  • මෙසේ රටට ලැබෙන්නට තිබූ විශාල බදු ආදායමක් අහිමි කරමින් බහු ජාතික සමාගම් සතුටු කර සන්තෝසම් ලබා ගන්නා බවට මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  චෝදනා එල්ල වී ඇත.
  •    මෙම රෙදි සුවඳ ගැන්වීමේ හා සිනිඳු කිරීමේ Fabric Softener නිෂ්පාදනය සදහා 2023 පෙබරවාරි මස සිට වැට් බදු අයින් කර එයින් නොනැවතුණු මෙම නිලධාරීන් 10%ක්ව පැවති සෙස් බද්ද ද සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



සියලු භාණ්ඩ සදහා 15% ක වැට් බදු පැනවූ මුදල් අමාත්‍යංශය, Fabric Softener නිෂ්පාදනයට 2023 ජනවාරි මස සිට ක්‍රියාත්මක වූ 15% ක වැට් බද්ද හොර රහසේම පෙබරවාරි මාසයේදී ඉවත් කර අති විශේෂ සහනයක් ලබා දී ඇත.  

මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ගවලින් පැවසෙන පරිදි මෙය මහා දූෂණයක්  වන්නේ වැට් බද්ද පෙබරවාරි මස සිට ඉවත් කරන බව කල්තියාම බහුජාතික සමාගම දැනුවත් කර ජනවාරි මස ඔවුන්ගේ ආනයනය නවතා, නැවත බදු ඉවත් කළ පසු පෙබරවාරි මස සිට එම සමාගම නැවත ආනයනය පටන් ගැනීමයි.

මෙසේ රටට ලැබෙන්නට තිබූ විශාල බදු ආදායමක් අහිමි කරමින් බහු ජාතික සමාගම් සතුටු කර සන්තෝසම් ලබා ගන්නා බවට මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  චෝදනා එල්ල වී ඇත.

 

 මෙම රෙදි සුවඳ ගැන්වීමේ හා සිනිඳු කිරීමේ Fabric Softener නිෂ්පාදනය සදහා 2023 පෙබරවාරි මස සිට වැට් බදු අයින් කර එයින් නොනැවතුණු මෙම නිලධාරීන් 10%ක්ව පැවති සෙස් බද්ද ද සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇත. ජනතාවට බදු පිට බදු ගසන අතර මෙම බහුජාතික සමාගම සතුටු කරමින් පෙබරවාරි මස දී පමණක් මොවුන් විසින්  රටට අහිමි කල බදු ආදායම මිලියන 15ක් ඉක්මවන වන අතර එලෙස මෙම නිෂ්පාදනයෙන් පමණක් වසරකට රටට අහිමි කරන බදු ආදායම මිලියන 200 පමණ වෙතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

IMG 0375


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...