The Leader News
BREAKING
Top Ad
Biz

මොල්දෝවා සිට FlyOne Airlines පළමු ගුවන්යානාව මත්තලට

T

The Leader Desk

December 28, 2023 • 4:58 PM

මොල්දෝවා සිට FlyOne Airlines පළමු ගුවන්යානාව මත්තලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොල්දෝවා සිට FlyOne Airlines පළමු ගුවන්යානාව (5F-5364) දෙසැම්බර් 27 දා 16.15ට
  • ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති, උදයාංග වීරතුංග මෙසේ සඳහන් කර ඇත.
  • ''එදා 2020 දෙසැම්බර් මස 28 දා, රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති ලෙස මාගේ මැදිහත් වීමෙන්, මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට යුක්රේනියානු සංචාරකයන් රැගෙන ඒම නිසා විරුද්ධ පක්ෂයේ පිරිසක් මට එරෙහිව නඩුවක් ද පවරන ලදී.
  • එදා කොවිඩ් වසංගතය නිසා සංචාරකයින් සදහා වසා තිබුණු රට නැවත විවෘත කිරීමේ අභියෝගය, අප සාර්ථක කරගත් බව රජයට මතක්කර දෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

මොල්දෝවා අගනුවර කිශිනෙව් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීයේය.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති, උදයාංග වීරතුංග මෙසේ සඳහන් කර ඇත.

''එදා 2020 දෙසැම්බර් මස 28 දා, රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති ලෙස මාගේ මැදිහත් වීමෙන්, මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට යුක්රේනියානු සංචාරකයන් රැගෙන ඒම නිසා විරුද්ධ පක්ෂයේ පිරිසක් මට එරෙහිව නඩුවක් ද පවරන ලදී. එදා කොවිඩ් වසංගතය නිසා සංචාරකයින් සදහා වසා තිබුණු රට නැවත විවෘත කිරීමේ අභියෝගය, අප සාර්ථක කරගත් බව රජයට මතක්කර දෙමි.


එසේ යුක්රේනියානු සංචාරකයන් පැමිණිමෙන් විවෘත වූ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට පළමු වරට මොල්දෝවා, එස්තොනියාව, ලිතුවේනියාව, ලැට්වියාව සහ පෝලන්තය යන රටවල් 5 කින් සතියකට ඍජු ගුවන්වාර 6 ක් පැමිණීම ආරම්භ විය. ඒ අනුව මෙම ශීත සෘතුවෙහි දී SkyUP සහ FlyOne ගුවන්යානා සංචාරකයින් 16,000 කට වැඩි පිරිසක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙමු. එහිදී දල වශයෙන් ඩොලර් මිලියන 25 (රුපියල් කෝටි 825) පමණ විදේශ විනිමයක් ලැබෙන බව විශ්වාස කරමි.


 සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු මොල්දෝවා ජනරජය ස්වාධීන රාජ්‍යයන් ලෙස පත්විය. නැගෙනහිර යුරෝපීය රටක් වන මොල්දෝවා ජනරජයෙහි මිලියන 2.7 ක පමණ ජනගහනයක් ජීවත්වන අතර ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉතා සුළු සංචාරක පිරිසකි. නමුත් FlyUp Airline ශ්‍රී ලංකාවට ඍජු ගුවන්යගමන් ආරම්භ කිරීමේන් බලාපොරොත්තු වන්නේ, මොල්දෝවා දේශසීමාවේ පිහිටි ඇති යුක්රේනියාවෙන් සංචාරකයන් රැගෙන එමටයි. ඒ අනුව ඊයේ දිනයේ පැමිණි සංචාරකයන් 148 දෙනා අතරින් බහුතරයක් යුක්රේනියානු සංචාරකයන් බව විශේෂයෙන් කිව යුතුය.

මගේ මැදිහත් වීමෙන් 2022 දෙසැම්බර් 28 දා, ආරම්භය වූ Red Wings Airline ගුවන්වාර 152 කින් වසරක් තුල සංචාරකයන් 60,452 ක් මත්තලට රැගෙන ආ බව, මට එරෙහිව දේශපාලන පළිගැනීම් හා චෝදනා ගොනුකළ යහපාලන නායකයන්ට සටහන් කරමි. දැනටමත් වසර 9 ක් දේශපාලකයින්ගේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ දේශපාලන පළිගැනීමට ලක්වූ මාහට, මින් රටට ලැබෙන ආර්ථික වාසිය ගැන සිතා, මට සාධාරණ විසදුමක් ලබාදීමටට කාලය උදාවී ඇති බව විශ්වාස කරමි.

 FlyOne Airlines ලාංකික ඒජන්තවරයා ලෙස Tropical Aviation Services කටයුතු කරන අතර මෙරටට සංචාරකයන් රැගෙන එන්නේ “JoinUP” ජාත්‍යන්තර සංචාරක ආයතනය වන අතර ශ්‍රී ලංකාව තුල “Delux Holidays” සියලු පහසුකම් සපයනු ඇත. මෙම සැළසුම් සාර්ථකව කරගැනීමට මත්තල ගුවන්තොටුපල ලබාදෙන සහයෝගයට ශ්‍රී ලංකා රජයට අපගේ ගෞරවණිය ස්තුතිය පළකර සිටිමු.''


dfafwer

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...