සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් පළ කළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ටයින් තිස් දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු ඇතුළත් වී ඇත.
එම තිදෙනා වන්නේ ඒ වයිල්ඩ් කුක් බුක් යූටියුබ් අවකාශය තුළ ලොව පුරා ජනාදරයට පත්ව සිටින සූපවේදියෙකු වන චරිත් එන් සිල්වා, ව්‍යාවසායිකාවක වන යානිකා අමරසේකර සහ අලෙවිකරණ හා ප්‍රචාරන ක්ෂේත්‍රයේ කටයුතු කරන නිකින් මාතරආරච්චියි.
චරිත් එන් සිල්වා, ග්‍රාහකයින් මිලියන 10 පසුකළ පළමු ශ්‍රී ලාංකික යූ ටියුබ් නාලිකාවේ හිමිකරුවා බවටද පසුගියදා පත් විය.

ලංකාවේ ව්‍යවසායිකාවක්
ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන යානිකා අමරසේකර -සියගුණ Retail & Ecommerce අංශයෙන් 2025 Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට නම් කර තිබේ.
විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන Silver Aisleහි නිර්මාතෘවරිය ඇයයි.
2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයින් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
යානිකා අමරසේකර ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතන වලින් එකක් වන එල්.බී. ෆිනෑන්ස් සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරියක් ලෙසද කටයුතු කරයි.
ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ UC Berkeley හි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් ලබා තිබේ.