The Leader News
BREAKING
Top Ad
Biz

බදු ආදායම තවත් ඉහළ නැංවිය යුතු බවට IMF නිරීක්ෂණයක්

T

The Leader Desk

September 28, 2023 • 7:28 AM

බදු ආදායම තවත් ඉහළ නැංවිය යුතු බවට IMF නිරීක්ෂණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නිරික්ෂණය පරිදි රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට නිසි බදු පරිපාලන ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන
  • අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රි ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බව ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළ ද රටේ බදු ආදායම පිළිබඳ සෑහීමකට පත් නොවන බව ඔවුන් සඳහන් කර තිබිණි.
  • මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ, ජනතාව වෙත නව බදු පැනවීමකින් තොර ව බදු ආදායම වැඩි කරගැනීම සඳහා මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.
  • මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඒ සඳහා නිර්දේශ 03ක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ අවධාරණය කරයි.

අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රි ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බව ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළ ද රටේ බදු ආදායම පිළිබඳ සෑහීමකට පත් නොවන බව ඔවුන් සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ, ජනතාව වෙත නව බදු පැනවීමකින් තොර ව බදු ආදායම වැඩි කරගැනීම සඳහා මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඒ සඳහා නිර්දේශ 03ක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඉන් පළමු වැන්න ලෙස බදු පරිපාලනය ශක්තිමත් කිරීම යන කාරණාව මූල්‍ය අරමුදල විසින් අවධාරණය කර ඇති බව මහාචාර්‍යවරයා සඳහන් කළේය.

බදු සහන ලබා දීම අහෝසි කිරීම දෙවැනි කාරණාව ලෙස ද තෙවැන්න ලෙස බදු මඟ හැරීම වළක්වා ගැනීම ද මූල්‍ය අරමුදල විසින් ලංකා රජය දැනුම්වත් කර තිබේ.


(adaderana.lk)

සබැඳි පුවත් :

IMF: දූත මණ්ඩලයේ පළමු සමාලෝචනයේ ප්‍රධාන කරුණු 5ක්  


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...