The Leader News
BREAKING
Top Ad
පුවත්

'IMF බිල්ලෙක් නොවේ' - කැබිනට් ප්‍රකාශක

T

The Leader Desk

January 20, 2022 • 3:45 AM

'IMF බිල්ලෙක් නොවේ' - කැබිනට් ප්‍රකාශක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බැලිය යුත්තේ බිල්ලකුගේ ස්වරූපයක් මවාගෙන නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසිය.
  •    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
  • මූල්‍ය අරමුදලට යාම පිළිබඳව මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යාංශය ලෙස සාකච්ඡා කර නැතැයි ද ඇමතිවරයා පැවසීය.
  • මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ගේ ඉන්දීය සංචාරය ඉතා ඵලදායී එකක් බව ඇමතිවරයා කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකාව 1950 දී සිට මේ දක්වා අවස්ථා 16කදී එහි පාර්ශවකරුවකු ලෙස ගණුදෙනු කර ඇති බවත්, අවසන් වරට 2016 දී ඩොලර් බිලියන 1.1ක මුදලක් ලබාගෙන ඇති බවත් පැවසු ඇමතිවරයා, එයින් මෙතෙක් ලබාගත් විශාලතම මුදල ලෙස, 2008 වසරේ යුද්ධය ඉතා තීරණාත්මක අවස්ථාවකදී ඩොලර් බිලියන 2.5ක් ලබාගෙන ඇතැයි ද සඳහන් කළේය.

 

එහි සාමාජික රටක් ලෙස ඉතිහාසයේත් විශ්වාසයන් පළුදු කරගෙන නැතැයි කී ඇමතිවරයා බිල්ලෙක්ගේ රූපයක් මවන්නේ නැතිව ඉතිහාසයට සාපේක්‍ෂව ඒ දෙස බැලිය යුතු බව ද කීවේය.

 

 අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මූල්‍ය අරමුදලට යාම පිළිබඳව මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යාංශය ලෙස සාකච්ඡා කර නැතැයි ද ඇමතිවරයා පැවසීය.

ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවීම සඳහා ඩොලර් මිලියන 500 ලැබුණේ කොහෙන්දැයි මාධ්‍යවේදිනියක නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ මෙතෙක් පැවතියේ එය ගෙවීමට හැකිද යන්න ගැන පසුගිය දිනවල ලොකු තැතිගැනීමක් තිබූ බවත්, ආර්ථික කුණාටුවක් අභියස සිටියදී එය නිමාවූ සතුට භුක්ති විඳිය යුතු බවත්ය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ගේ ඉන්දීය සංචාරය ඉතා ඵලදායී එකක් බව ඇමතිවරයා කීවේය.

(ලංකාදීප) 

 

 

Leader Whats app


 
 
 

கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!
 

සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?

මෙලහට වැඩේ ඉවරයි මෙන්න මුං නැත්තං !| මොණරවිලගේ ලියමන
 
 
 

ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...