The Leader News
BREAKING
Top Ad
Biz

MAG City නවතම ශාඛාවක් ගැටඹේට

T

The Leader Desk

May 21, 2023 • 6:12 AM

MAG City නවතම ශාඛාවක් ගැටඹේට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • MAG City ශ්‍රී ලාංකීය ප්‍රමුඛතම මෝටර් රථ නඩත්තු කිරීමේ ජාලය සමඟින්, එකවර මෝටර් රථ විශාල ප්‍රමාණයක් සඳහා නවීන තාක්‍ෂණයෙන් යුතු සේවාවන් සැපයීමේ පහසුකම් සහිත නවතම ශාඛාවක් මහනුවර ගැටඹේ ප්‍රදේශය කේන්‍ද්‍ර කරගනිමින් විවෘත විය.
  • මෙයින් වසර 19 කට පෙර දේශමාන්‍ය එම්.
  • මෙම නවතම ශාඛාව මඟින් Mag City සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමත්ව ඇති අතර, එමඟින් ගැටඹේ නඟරයේ ගනුදෙනුකරුවන් සඳහා ඉතා පහසුවෙන් ළඟාවීමේ සහ ඉතා කාර්යක්‍ෂම අයුරින් නවතම සේවාවන් සළසාගැනීමේ හැකියාව විවිර වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 


Mag City නව ශාඛාව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ඊයේ (20) විවෘත කරන ලදී.

mag c 5

මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන් සහ මහනුවර රදගුරු හිමිපාණන් බැහැ දැකීමට මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ශාඛාවේ  නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙයින් වසර 19 කට පෙර දේශමාන්‍ය එම්. ඒ. ගුණතිලක (Kandy Tyre House සහ Mag City (Pvt) Ltd ආරම්භක සභාපති) විසින් ආරම්භ කරණු ලැබූ Mag City වර්තමානය වන විට දේශීය මෝටර් රථ සේවා අංශයේ සුවිශේෂී සලකුණක් තැබීමට සමත්වූ ආයතනයකි.

වර්තමාන සභාපති ප්‍රසන්න ගුණතිලක ගේ නායකත්වය සහ කළමනාකරණ අධ්‍යක්ෂ ශෙනාල් ගුණතිලක යටතේ සිය ගනුදෙනුකරුවන් සඳහා නවීන තාක්‍ෂණයෙන් යුතුව මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ සේවාවන් රැසක් ලබාදීමට ඉදිරිපත්ව ඇති Mag City, පාරිභෝගික අවශ්‍යතාවයන් උපරිම ආකාරයෙන් සපුරාලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක නිරතව සිටින ආයතනයකි.

මෙම නවතම ශාඛාව මඟින් Mag City සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමත්ව ඇති අතර, එමඟින් ගැටඹේ නඟරයේ ගනුදෙනුකරුවන් සඳහා ඉතා පහසුවෙන් ළඟාවීමේ සහ ඉතා කාර්යක්‍ෂම අයුරින් නවතම සේවාවන් සළසාගැනීමේ හැකියාව විවිර වේ.

 
rw26
mag c1mag c 3
 rw 23


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...