The Leader News
BREAKING
Top Ad
Biz

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය දිවයිනට

T

The Leader Desk

October 18, 2023 • 3:45 PM

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය දිවයිනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ විශාලතම සහ බලගතුම ව්‍යාපාරික සංවිධානය සේ සැලකෙන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ
  • මෙම සංචාරය අතරතුර ඇය මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත.
  • එය එවැනි ආයතනික සාමාජිකත්වයක් ඇති දැවැන්ත සංවිධානයකි.
  • එය ගෝලීය වශයෙන් දැනට ක්‍රියාත්මක ලොව විශාලතම සහ බලගතුම ව්‍යාපාරික සංවිධානය ලෙසද සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නව සභාපතිනි මාරියා ෆර්නනැන්ඩා ගාර්සා (Maria Fernanda Garza) පස් දින නිල සංචාරයක් සඳහා ඊයේ (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණියාය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම සංචාරය අතරතුර ඇය මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය මේ වනවිට ලොව පුරා රටවල් 170 ක් නියෝජනය කරන අතර එහි සාමාජිකත්වය ලෝකයේ  සමාගම් මිලියන 45 ක පිරිස් විසින් උසුලනු ලබයි. එය එවැනි ආයතනික සාමාජිකත්වයක් ඇති දැවැන්ත සංවිධානයකි. එය ගෝලීය වශයෙන් දැනට ක්‍රියාත්මක ලොව විශාලතම සහ බලගතුම ව්‍යාපාරික සංවිධානය ලෙසද සැලකේ.

ඒ අනුව එම සංවිධානයේ සභාපතිනියගේ ශ්‍රී ලංකා සංචාරය , මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම ව්‍යාපාර අංශයේ වර්ධනය කෙරෙහි ද සැලකිය යුතු ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇති බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ, ශ්‍රී ලංකාවේ  සභාපති නීතිඥ ඇන්තනි ශනිල් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, WTO සහ WIPO යන සංවිධාන ත්‍රිත්වයම නියෝජනය කරන එකම වානිජ මණ්ඩලය වන්නේද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය වන බවද ප්‍රනාන්දු මෙහිදී පැවසීය.

මාරියා ෆර්නනැන්ඩා ගාර්සා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තිරසර නාගරීකරණය පිළිබඳ උපදේශන කමිටුවේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කරන බවත් ඒ අනුව ඇගේ සංචාරය හරහා මෙරටට ආයෝජන අවස්ථා රැසක් ළඟා කරගැනීමේ හැකියාවක් ද පවතින බවත් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පැහැදිලි කළේය.

රටවල් අතර නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක් බව නීතිඥ ශනිල් මෙහිදී පෙන්වා දුන්නේය.

මාරියා ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රනාන්දු පැවසුවේ, ඇය ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවට දක්වන කැපවීම නිසා ඇයට ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි වී තිබෙන බවය. එපමණක් නොව ඇයගේ පුළුල් අත්දැකීම් හරහා ව්‍යාපාරික ආචාර ධර්ම සහ ආයතනික පාලන ප්‍රමිතීන් වෙනුවෙන් ඇය කැපවී කටයුතු කරන බවද ශනිල් පැවසීය.



ශනිල් ප්‍රනාන්දු සභාපතිත්වය දරන මෙම ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව, පසුගිය වසර 68 පුරාවට, රට තුළ  ව්‍යාපාර වර්ධනය සහ ගෝලීය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම අතින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. බැංකු, රක්ෂණ, පුහුණු සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සේම බේරුම්කරණ ක්‍රියාවලිය තුළින් ද මෙම මණ්ඩලය රටට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් සිටී . එසේම වෙළඳාම හා ආයෝජන ප්‍රවර්ධන කටයුතු හරහාද මෙම මණ්ඩලය මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි.


එසේම, බැංකු, රක්ෂණ, පුහුණු සහ අධ්‍යාපනය, මූල්‍ය, ජාත්‍යන්තර සබඳතා සහ සංචාරක සහ කෘෂිකර්මය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සහය, ව්‍යවසායකත්ව සංවර්ධනය ඇතුළුව රටේ පවතින සියලුම ක්ෂේත්‍රවල ව්‍යවසායන් වෙනුවෙන් වූ විශේෂිත කමිටු 10 ක් මෙම වානිජ්‍ය මණ්ඩලය සතුව ඇති බව එහි ලේකම් හේමකුමාර ගුණසේකර මාධ්‍ය වෙත පැවසීය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනියද ඇයගේ සංචාරයේදී , එම මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ශනිල් ප්‍රනාන්දු මෙන්ම , ලේකම් හේමකුමාර ගුණසේකර, භාණ්ඩාගාරික මනීෂා රාජනායක සහ හිටපු සභාපති දිනේෂ් වීරකොඩි ඇතුළු නිලධාරීන් හමුවීමට නියමිතය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...