The Leader News
BREAKING
Top Ad
Biz

NSBM හරිත සරසවියෙන් සිසුන්ට ඇමෙරිකානු සරසවි වරම් - සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි

T

The Leader Desk

April 7, 2025 • 4:06 PM

NSBM හරිත සරසවියෙන් සිසුන්ට ඇමෙරිකානු සරසවි වරම් -  සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM
  •  විශ්වවිද්‍යාල දෙක අතරත්, රටවල් දෙක අතරත් අවබෝධය ඇතිකොට මඟ පෙන්වා දී තිබුණේ වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති  මහින්ද සමරසිංහ සහ ඔහුගේ මෙහෙයවීමෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් විසිනි.
  • හරිත සරසවිය සමග සහයෝගිතා ගිවිසුමකට එළඹුණ ඇමරිකානු සරසවිය 1893 දී පිහිටවනු ලැබූ දැනට වසර එකසිය තිස් දෙකක් පැරණි ඓතිහාසික වටිනාකම් රැසක් රැගත් වොෂිංටන් නගරයේ පිහිටි විශ්වවිද්‍යාලයකි.
  • මෙම සහයෝගිතාව හරහා NSBM  හරිත සරසවියේ සිසුන්ට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියේ මුල් වසර දෙක ශ්‍රී ලංකාවේදී සහ අවසන් වසර දෙක ඇමරිකාවේ වොෂින්ටනයේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේදී හැදෑරීමෙන් ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් බවට පත් වීමට හැකි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 හරිත සරසවියට පැමිණියාය.

ජූලි චන්ග් පැමිණියේ  NSBM  හරිත සරසවියටත් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලැබීමට නොනිත් ආශාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ටත් සුභාරංචියක් රැගෙනය. එසේම ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම පිළිගැනීමක් තිබෙන ඇමරිකානු විශ්වවිද්‍යාලය සමග සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබන ගෞරවනීය අවස්ථාවට සහභාගි වීය.

 විශ්වවිද්‍යාල දෙක අතරත්, රටවල් දෙක අතරත් අවබෝධය ඇතිකොට මඟ පෙන්වා දී තිබුණේ වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති  මහින්ද සමරසිංහ සහ ඔහුගේ මෙහෙයවීමෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් විසිනි.

හරිත සරසවිය සමග සහයෝගිතා ගිවිසුමකට එළඹුණ ඇමරිකානු සරසවිය 1893 දී පිහිටවනු ලැබූ දැනට වසර එකසිය තිස් දෙකක් පැරණි ඓතිහාසික වටිනාකම් රැසක් රැගත් වොෂිංටන් නගරයේ පිහිටි විශ්වවිද්‍යාලයකි. එය සියවසකට අධික කාලයක් ඇමෙරිකාවේත් ලෝකය පුරාමත් දේශපාලන නීති, ජනමාධ්‍ය සංස්කෘතික සේම ආර්ථික ක්ෂේත්‍රයේ මැදිහත්වීම් කරනු ලැබූ කීර්තිමත් විශිෂ්ටයන් බිහි කළ විශ්වවිද්‍යාලයකි.

වසර සියයක් ඉක්මවා විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යන විට අත්පත් කර ගන්නා ගුණාත්මක හා හරයාත්මක  වටිනාකම් ලොව කවර විශ්වවිද්‍යාලයකට වුව අත්පත් කර ගැනීම දුර්ලභ කාරණයකි.
ඇමරිකානු විශ්වවිද්‍යාලය මේ සහයෝගිතා ගිවිසුම අත්සන් කළේ ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ විශ්වවිද්‍යාලය සමගය. ඒ නිසා ලොව පිළිගත් නූතන අධ්‍යාපන ක්‍රමවේදයන් ඉතාමත් ඉහළින් ක්‍රියාත්මක කරන ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නූතන ඵලදායී මොඩලය වූ හරිත විශ්වවිද්‍යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනයේ ඓතිහාසික විශ්වවිද්‍යාලයක් සමග අත්වැල් බැඳ ගැනීම කාලෝචිතය.

මෙම සහයෝගිතාව හරහා NSBM  හරිත සරසවියේ සිසුන්ට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියේ මුල් වසර දෙක ශ්‍රී ලංකාවේදී සහ අවසන් වසර දෙක ඇමරිකාවේ වොෂින්ටනයේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේදී හැදෑරීමෙන් ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් බවට පත් වීමට හැකි වේ. එසේම එය මෙරට දරුවන්ට ලොව පිළිගත් ජාත්‍යන්තර උපාධියක් සාපේක්ෂව ඉතා අඩු පිරිවැයකින් ලබා ගැනීමට පහසු මාර්ගයක් විවර කර දීමකි.

එපමණක් නොවේ, එය NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ  උසස් අධ්‍යාපනය පිළිබඳව දරන සාර දර්ශනය ක්‍රියාවට නගන NSBM  හි ගෝලීය ව්‍යාප්ති ප්‍රයත්නයන්හි ඉදිරි ගමනකි. එය ඉදිරි දැක්මක් සහිතව යන නොනවතින ගමනේ සන්ධිස්ථානයකි. සහයෝගිතා ගිවිසුම අත්සන් කළ තානාපතිනිය තම කෙටි දෙසුමේ දී සඳහන් කර සිටියේ මෙසේය.

‘‘මේ හරිත සරසවියට පැමිණ එය ගවේෂණය කරනකොට එය ඉතාම සුන්දර විශ්වවිද්‍යාලයක් බව දැනුණා. හරිත සරසවිය උසස් අධ්‍යාපනයේ සහ නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් හැටියට දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික සිසුන් පෝෂණය කරලා තිබෙනවා.’’

හරිත සරසවියේ සුන්දරත්වය පිළිබඳ ඉතාමත් සතුටටත්, පුදුමයටත් පත් වුණ ඇමෙරිකානු තානාපතිනිය මේ විශ්වවිද්‍යාල අතර අත්සන් කළ ගිවිසුම නිසා ලාංකික සිසුන්ට ජාත්‍යන්තර ලැබෙන වටිනාකම ගැනද විස්තර කළේ ඉතා සතුටිනි.

මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ NSBM හරිත සරසවිය පාර්ශ්වයෙන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ  වෙනුවෙන් ව්‍යාපාර පීඨයේ පීඨාධිපති සහ වැඩබලන කුලපතිනි තිලිණි ද සිල්වා සහ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හවුල්කාරිත්ව සහ උපායමාර්ගික මුල පිරීම් අධ්‍යක්ෂ ටෂීනා ගිරෝඩ් ය.

ඇමෙරිකානු තානාපතිනි ජූලි චෑන්ග් මෙම ඓතිහාසික සහයෝගිතාව සිහිපත් කිරීමට හරිත සරසවි බිමේ ජාතික වෘක්ෂය වූ නා පැළයක් රෝපණය කළාය. නා පැළය අනාගතයේ විසල් වෘක්ෂයක් බවට පත්ව හරිත සරසවියේ හරිත වර්ණයට එක්වෙමින් මේ සහයෝගිතාව ගැන විශ්වයට කියාපානු ඇත.
 
NSBM Green University
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

NSBM හරිත සරසවියෙන් සිසුන්ට ඇමෙරිකානු සරසවි වරම් - සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි | The Leader