The Leader News
BREAKING
Top Ad
Biz

අධිකරණ නියෝග මත මුදල් ගෙවීම් කටයුතු Pos Machin ක්‍රමයට

T

The Leader Desk

November 30, 2023 • 2:46 PM

අධිකරණ නියෝග මත මුදල් ගෙවීම් කටයුතු Pos Machin ක්‍රමයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ නියෝග මගින් මුදල් ගෙවීම් කටයුතු Pos Machin ක්‍රමය හරහා සිදුකිරීමට
  • කාඩ්පත් මඟින් සිදුකල හැකි මුදල් ගෙවීමේ (Pos Machin) ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වා දීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා එබව සඳහන් කළේය.
  • බැංකු ගණුදෙනු සම්බන්ධ අණපනත් නූතන සමාජයට ගැලපෙන අයුරින් සකස් කිරීමට පියවර..
  • අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ කූඩුවක සිට සාක්ෂි ලබාදීමේ කූඩු ක්‍රමය වෙනස් කර සාක්ෂිකරුට ගෞරවනීය ආකාරයෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍ය ක්‍රමයක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් ලබන වසර අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කටයුතු යොදන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

කාඩ්පත් මඟින් සිදුකල හැකි මුදල් ගෙවීමේ (Pos Machin) ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වා දීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා එබව සඳහන් කළේය.

අධිකරණයන් මඟින් ලබාදෙන නියෝග මත දඩ මුදල් හෝ රජයට බැරවිය යුතු වෙතන් ආකාරයේ ගෙවීම් කටයුතු නූතන ලෝකයට ගැලපෙන අයුරින් පහසුවෙන් සහ කාර්යක්ෂමව කාඩ්පත් මඟින් සිදු කිරීමට අවශ්‍ය (Pos Machin) ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වා දීම සහ ඒ වෙනුවෙන් මහජන බැංකුව සමඟ ගිවිසුම්ගතවීම අධිකරණ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (30)  දින පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.


අධිකරණයෙන් ලබාදුන් නියෝග පදනම් කරගනිමින් සිදුකරන ලද දඩ මුදල් සහ අනෙතුත් ගෙවීම් මෙතෙක් සිදුකරන ලද්දේ මුදල් වලින් පමණක් වන අතර එහිදී මහජනතාවට මුහුණදීමට සිදුවු දුෂ්කරතාවයන් සලකා බලා දිවයිනේ කීර්තිමත් සහ අභිමානවත් බැංකු කරණයක නිරත වන මහජන බැංකුව හා එක්ව මුදල් ගෙවීමේ කටයුතු කාඩ්පත් මඟාන් සිදුකල හැකි (Pos Machin) ක්‍රමය කොළඹ අධිකරණ කලාපයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.


ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ගණුදෙනු කටයුතු සඳහා පහසුකම් ලබාදෙන ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව අධිකරණයන් වෙත කාඩ්පත් මඟින් මුදල් ගෙවීම සඳහා නවීන තාක්ෂණය හදුන්වාදීමට සහ ඒ සඳහා පහසුකම් සැපයීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය පුදකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය.

බැංකු ගණුදෙනු සම්බන්ධ අණපනත් නූතන සමාජයට ගැලපෙන අයුරින් සකස් කිරීමට පියවර..

නූතන සමාජයට ගැලපෙන අයුරින් බැංකු ගණුදෙනු කිරීම සම්බන්ධ අණපනත් මේ වන විටත් සංශෝධනය කර අවසන් බව සඳහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ, වර්තමාන සමාජය අන්තරජාලය හරහා ඉතා කාර්යක්ෂම අයුරින් ගණුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් එම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීම ඉතා යෝග්‍ය බවයි.


අධිකරණය යනු බියෙන් හා සැකයෙන් යායුතු තැනක් නොවන බව සඳහන් කල අමාත්‍යවරයා, අධිකරණ කටයුතු සඳහා අධිකරණයන් වෙත ඉදිරිපත් වී සාක්ෂි ලබාදීමට ඉදිරිපත්වන සියලුම පුරවැසියන් වැරදිකරුවන් නොවන බවත් සාක්ෂිකරුවන් යනු අධිකරණ ක්‍රියාවලිය සඳහා සහාය වන පුරවැසියන් බවත් පැවසිය.


උසාවිවල තිබෙන සාක්ෂි කූඩු  මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගන්නවා...

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ කූඩුවක සිට සාක්ෂි ලබාදීමේ කූඩු ක්‍රමය වෙනස් කර සාක්ෂිකරුට ගෞරවනීය ආකාරයෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍ය ක්‍රමයක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් ලබන වසර අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බවත් ය.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා ඇතුළු මහජන බැංකුවේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

0001245 10001245 20001245 3

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...