The Leader News
BREAKING
Top Ad
Biz

RDB බැංකුව හතළිස්වන වසරට පා තබයි - වෙළඳ ප්‍රදර්ශනය 25,26 සහ 27 BMICH හිදී

T

The Leader Desk

July 20, 2025 • 4:21 PM

RDB බැංකුව හතළිස්වන වසරට පා තබයි - වෙළඳ ප්‍රදර්ශනය 25,26 සහ 27 BMICH හිදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැමරුම් උත්සව මාලාවක් - සමාරම්භක සැමරුම් උළෙල 25 වැනි දා අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් කාර්ය මණ්ඩලයේ දැනුම උරගා බැලීමට පැන විසඳුම් තරඟයක් ව්‍යවසාය නිපැයුම් අලෙවියට 25, 26 , 27 දින තුනක් B M I C H හිදි වෙළඳ ප්‍රදර්ශනයක්
  • ඊට අමතරව බැංකුවේ ගනු දෙනු කරුවන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි පොලක් ද සංවිධානය කර ඇත.
  • මෙම මස 25,26,27 යන තෙදින තුළ  ඉහත කටයුතු කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර මෙහි ප්‍රධාන උත්සවය අගෝස්තු 25 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
  • ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB ) ආරම්භය, 1985 දී දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීම දක්වා ඈතට විහිදී යයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට වසර හතළිහක් සපිරීම නිමිත්තෙන් උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

ඒ යටතේ බැංකුවේ සමස්ථ කාර්ය මණ්ඩලයේ දැනුම, ආකල්ප සහ නිපුණතා සංවර්ධනය සඳහා පැන විසඳුම් තරගයක් (Quiz Competition) ව්‍යවසායකත්වය ඉහළ නංවාලීම සඳහා ව්‍යවසායකයන් ඇගයීමත්, දිවයින පුරා ශාඛා මට්ටමින් ව්‍යවසායක ව්‍යවසායිකාවන් දිරි ගැන්වීමේ අරමුණින් මූල්‍ය පහසුකම් ලබාදීම සහ කාර්ය මණ්ඩලයේ කලා හැකියාවන් ඉහළ  නැංවීම සඳහා Talent Show නමින් ගායන තරගයක් ද පැවැත්වෙනු ඇත.

ඊට අමතරව බැංකුවේ ගනු දෙනු කරුවන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි පොලක් ද සංවිධානය කර ඇත.

මෙම මස 25,26,27 යන තෙදින තුළ  ඉහත කටයුතු කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර මෙහි ප්‍රධාන උත්සවය අගෝස්තු 25 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

බැංකු කාර්ය මණ්ඩලයේ දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණින් ඉකුත්දා අන්තර් පළාත් පැතවිසදුම් තරඟය ( Quiz Competition) කොළඹ නාරාහේන්පිට පාරේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී කළමනකරණ ක්‍රමවේද, ව්‍යාවසායකත්ව කුසලතා ඉහළ නංවන සහ ධනාත්මක චින්තනය පිළිබඳ කීර්තිමත් දේශකයෙකු වන කිෂු ගෝමස් විසින් දේශනයක්ද පැවැත්වූවේය.

මෙම අවස්ථාවේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී (වැඩ ආවරණ) ඩී.එම්.ටී.එස් කුමාර, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සී.පී.ඒ කරුණාතිලක, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ව්‍යාපාර පුනර්ජීවන හා අයකිරීම් ) ආචාර්ය ජී.එම්.බී.සී ද සිල්වා යන අය  අදහස් දැක්වූහ.


කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල නගරයෙහි කලුතර ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුවේ බුලත්සිංහල ශාඛාව ලෙස මීට වසර 40 කට පෙර පළමු ශාඛාව ලෙස ඇරඹුණු මෙම බැංකුව ක්‍රමිකව දිස්ත්‍රික්, පළාත් සංවර්ධන බැංකු සහ අනතුරුව ජාතික මට්ටමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ලෙස 2010 වසරේ දී පිහිටුවන ලදි. ඒ අනුව, රජ්‍ය සතු ප්‍රධාන රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) මේ වන විට කටයුතු කරමින් සිටී.


RDB බැංකුවේ ඉතිහාසය පිළිබඳ අදහස් දක්වන වත්මන් සභාපති ලසන්ත ප්‍රනාන්දු මෙසේද කියා සිටී.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB ) ආරම්භය, 1985 දී දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීම දක්වා ඈතට විහිදී යයි. 1997 වසර අවසානයේදී ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු (17), රජරට, රුහුණු, වයඹ, ඌව, කදුරට හා සබරගමුව සංවර්ධන බැංකුව වශයෙන් පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන බැංකු 6 ක් ලෙස ස්ථාපිත කරන ලදී.

2010 වසරේ මැයි මාසයේ දී මෙම පළාත් 6 හි බැංකු ඒකාබද්ධ කරමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ජාතික තලයේ බැංකුවක් ලෙස පිහිටුවන ලදී. 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ පිහිටුවන ලද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පුර්ණ රාජ්‍ය බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වේ. මෙම බැංකුව ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සදහා ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන මුල්‍ය පහසුකම් සැපයීම තුලින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ප්‍රමුඛ කරගෙන කටයුතු කරනු ලබයි.

 විශේෂයෙන්ම " පාවහන් රහිත බැංකු සංකල්පය " පදනම් කරගෙන නව්‍ය වූත් සරල වූත් මුල්‍ය සේවාවන්, ආදායම් මට්ටම අතින් මැදි හා පහළ ස්ථරවල සිටින්නන්ට පවා වඩාත් පහසුවෙන් සුහදශීලීව සේවා සැපයීම මෙම බැංකුව විසින් සිදු කරයි.

සංවර්ධනයේ සමස්ත අන්තර්ගතයන් ප්‍රවර්ධනය වන අයුරින් ව්‍යවසායක ව්‍යවසායකයින්ට මූල්‍යමය හා එයට අනුශංගික වූ සේවා සැපයීමද බැංකුවේ ගේ අරමුණකි.බැංකුවේ  පුර්ණ පරිශ්‍රමය ශ්‍රී ලාංකිකයන් බලගැන්වීම සඳහාම ඉලක්ක කොට ඇත.

බැංකුවේ කාර්ය මණ්ඩලය ද විශ්වාසනීය සහ විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය සේවයක් සහතික කිරීමට බැඳී සිටි. අවශ්‍ය ඕනෑම අවස්ථාවක අනර්ඝ ලෙසින් සේවා සැපයීමට කැපවී සිටි.

බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත හෘදයංගම සේවාවක් සපැයිමට  කාර්ය මණ්ඩලය සෑම විටම  කැපවී සිටි. එමෙන්ම එම සේවාවන්  තත්ත්වයෙන් උසස්, වගකිම් සහගත ලෙස ලබා දිමට ක්‍රියා කරති .

 දේශයේ සෞභාග්‍ය වෙනුවෙන් අපි එක පවුලක් ලෙසින් එක්වන්න  සභාපතිවරයා පවසයි.

 නව්‍ය, සක්‍රීය සහ කාර්යක්ෂම සේවයක් සඳහා අපි  ඇප කැපව ඇතැයි ඔහු කියයි.

අප බැංකුවේ යහපැවැත්ම සඳහා පරිණත සහ ධනාත්මක ප්‍රවේශයන් වලට  අප පියවර ගෙන ඇතැයි සභාපතිවරයා කියයි.

|  ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර පුනර්ජීවන හා අය කිරීමේ) ආචාර්ය පී.එම්.බී.සී ද සිල්වා
මෙවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් පැවැත්වීම තුළ බැංකුවේ සමස්ථ සේවකයින් පොත්පත්, පුවත්පත් සහ අන්තර්ජාලය පරිශීලනය වැනි නව තාක්ෂණික මාධ්‍යන් භාවිතා කිරීම  පෙළඹෙනවා.ඒ තුළින්  කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ දැනුම් මට්ටම් ඉහළ  නංවා එමගින් නිපුණතා, දක්ෂතා වලින් හෙබි කාර්ය මණ්ඩලයක් බිහි කිරීම තුළින්  ආයතනික මෙහෙයුම් ඵලදායීතාවය ඉහළ  නැංවීම බලාපොරොත්තු වනවා යැයි  කීය.

නිපුණතා (Skills) හෙවත් කුසලතා උපතින් ලැබෙන අතර දක්ෂතා (Competencies) මෙවන් වැඩසටහන් තුළින්  වර්ධනය කරනු ලබයි. එම දක්ෂතා හා නිපුණතා වලින් හෙබි නිලධාරීන් තුළ  හොඳ නායකත්වයක් ඇති වන අතර එම නායකත්ව ශෛලීය ආයතනයේ මෙහෙයුම් ප්‍රතිඵල වර්ධනය කර ගැනීමටත් තෘප්තිමත් සේවක පිරිසක් සහ තෘප්තිමත් ගනුදෙනුකරුවන් පිරිසක් බිහි කිරීමටත් උපයෝගී වනවා.

එහෙයින් ආයතනයක ඉහළ  දැනුමක් සහිතකාර්ය මණ්ඩලයක් බිහි කිරීම අප කාගෙත් වගකීම වන බව ද සිල්වා පැවසීය.


ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ කාන්තාවන් සඳහා කෘෂි කාර්මික, සත්ව පාලන, ධීවර හා විසිතුරු මත්ස්‍ය ව්‍යාපාර වැනි රටේ ආර්ථික වර්ධන දායකත්වය දක්වන ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සදහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරනු ලබයි.


එසේම ඉතුරුම් හා ස්ථාවර තැන්පතු සදහා ඉහළ පොලියක් ලබා දෙමින් ග්‍රාමීය ජනතාව අතර ඉතිරි කිරීම් සදහා නැඹුරුවක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින අතර පාසල් ළමුන් හා කුඩා දරුවන්ද ඉතුරුම් සදහා දිරිමත් කරනු ඇත.

මෙම තැන්පතු ජාතික, ආර්ථික සංවර්ධන සඳහා ආයෝජනය කිරීම තුළින්  ශ්‍රී ලංකාවේ ඉහළ  ආර්ථික වර්ධනයට සෘජු දායකත්වයක් ලබාදීමට   බැංකුව  කටයුතු  ඇත.  තවදුරටත්  කරමින් සිටි.

එහි ප්‍රතිඵලයක් ලෙස  බැංකුව මිලියන 06  ඉක්මවන ගනුදෙනුකරුවන් සංඛ්‍යාවකට හිමිකම් කියන අතර 3,000 කට අධික සේවක සංඛ්‍යාවක්  සේවා ස්ථාන 272 (ශාඛා) ක් රට පුරා විහි දී කටයුතු කරයි.

(සටහන | ජේ. මුණසිංහ)

 RDB 40 BMICH1

RDB 40 BMICH

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

RDB බැංකුව හතළිස්වන වසරට පා තබයි - වෙළඳ ප්‍රදර්ශනය 25,26 සහ 27 BMICH හිදී | The Leader