The Leader News
BREAKING
Top Ad
Biz

ශාන්ගේ RIOCOCO වෙතින් නාලන්දා විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක්

T

The Leader Desk

November 26, 2023 • 2:46 PM

ශාන්ගේ RIOCOCO වෙතින් නාලන්දා විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව ප්‍රකට පොල් කොහු ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO
  • RIOCOCO නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, 1993/94 කාලයේදි නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය දැරූ ශාන් හළඹ ගේ සංකල්පයක් අනුව ඉදි කළ පරිගණක විද්‍යාගාරය නාලන්දා විද්‍යාලයේ වර්තමාන විදුහල්පති යූ.
  • පොල් කොහු ආශ්‍රයෙන් වැවිලි මාධ්‍යයක් නිෂ්පාදනය පිළිබඳ හළඹගේ දැක් වූ උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙස 2004දී ඇරැඹූ RIOCOCO ඉතා කෙටි කාලයකින් විශාල සාර්ථකත්වයක් ලැබූ අතර වර්තමානයේදී එය රටවල් 65කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී තිබේ.
  • කලාපයේ පාංශු රහිත වැවිලි මාධ්‍ය නිෂ්පාදකයන් අතර ප්‍රමුඛයා ලෙසත්, ලොව ඉහළම ගුණාත්මක තනි සම්භවයක් ඇති වැවිලි මාධ්‍ය සැපයුම්කරු ලෙසත් RIOCOCO ජාත්‍යන්තර කිර්තියක් ලබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකා පෞද්ගලික සමාගම කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමකින් යුතු නවීන පරිගණක විද්‍යාගාරයක් පසුගියදා පරිත්‍යාග කළේය.

RIOCOCO නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, 1993/94 කාලයේදි නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය දැරූ ශාන් හළඹ ගේ සංකල්පයක් අනුව ඉදි කළ පරිගණක විද්‍යාගාරය නාලන්දා විද්‍යාලයේ වර්තමාන විදුහල්පති යූ. ඩී. ඉරාන් චම්පික ද සිල්වා ගේ සහභාගීත්වයෙන් පසුගියදා සිසු අයිතියට පවරන ලදී.

පොල් කොහු ආශ්‍රයෙන් වැවිලි මාධ්‍යයක් නිෂ්පාදනය පිළිබඳ හළඹගේ දැක් වූ උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙස 2004දී ඇරැඹූ RIOCOCO ඉතා කෙටි කාලයකින් විශාල සාර්ථකත්වයක් ලැබූ අතර වර්තමානයේදී එය රටවල් 65කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී තිබේ.

ගෝලීය වශයෙන් සිය මෙහෙයුම් කටයුතු සිදු කරන RIOCOCO ලොව ප්‍රමුඛ පෙළේ හයිඩ්‍රොපොනික් හරිතාගාර භෝග නිෂ්පාදකයන් රැසක් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. කලාපයේ පාංශු රහිත වැවිලි මාධ්‍ය නිෂ්පාදකයන් අතර ප්‍රමුඛයා ලෙසත්, ලොව ඉහළම ගුණාත්මක තනි සම්භවයක් ඇති වැවිලි මාධ්‍ය සැපයුම්කරු ලෙසත් RIOCOCO ජාත්‍යන්තර කිර්තියක් ලබා ඇත. “අන් කිසිවකට සම කළ නොහැකි වැවිලි මාධ්‍යයක්” යන තේමාව යටතේ සිය නිෂ්පාදන අලෙවි කරන RIOCOCO මෙරට පොල් කර්මාන්තයට සුවිශාල වටිනාකමක් සපයා ඇත. RIOCOCO 2019 සිට සිය හරිතාගාර තාක්ෂණය ලංකාවේ ප්‍රචලිත කිරීම අරඹමින් මෙරට හරිතාගාර ක්ෂේත්‍රයට දැවැන්ත මෙහෙවරක් සිදු කරමින් සිටී.

2015දී සහ 2019දී අ‍ෙමරිකාවේදී වසරේ තරුණ ප්‍රධාන විධායක නිලධාරියා සඳහා ‘Gold Stevie’ සම්මානයෙන් හළඹ පිදුම් ලබා ඇත. Stevie® සම්මානය ව්‍යාපාර ලෝකයේ ඔස්කාර් සම්මානය ලෙස ප්‍රචලිතව ඇත. එසේම SAARC කලාපයේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරියාට හිමි සම්මානයෙන් සහ NCE රන් සම්මානය ඇතුළු අපනයන සම්මාන රැසකින් RIOCOCO පිදුම් ලබා ඇත‍. International Businessman of the Year in Dallas – TX, Texas Governor’s Award සහ Minority Business Leader වැනි සම්මාන රැසක් ඔහු අ‍ෙමරිකාවේදී දිනා ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙසද ශාන් හළඹ කටයුතු කර ඇත.

RIOCOCO 1

RIOCOCO 2

RIOCOCO 3

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...