The Leader News
BREAKING
Top Ad
Biz

Selyn නිර්මාතෘ සැන්ඩ්‍රා වඳුරාගල ජාත්‍යන්තර Forbes Asia ලැයිස්තුවට

T

The Leader Desk

January 16, 2023 • 12:24 PM

Selyn නිර්මාතෘ සැන්ඩ්‍රා වඳුරාගල ජාත්‍යන්තර Forbes Asia ලැයිස්තුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද වන විට ජාත්‍යන්තරයේ පවා පතළ ශ්‍රී ලාංකේය හෑන්ඩ්ලූම් සන්නාමයක් වන Selyn හි නිර්මාතෘ සහ සභාපතිනි, සැන්ඩ්‍රා වඳුරාගල , ජාත්‍යන්තර Forbes සඟරාව විසින් ඇගයීමට ලක්කර තිබේ.
  • Forbes Asia 50 over 50 list මගින් ආසියා ශාන්තිකර කලාපයේ සිය කර්මාන්ත අංශවල ඉහළම තලයන්ට පැමිණි වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන් 50 දෙනෙකු නම්කරනු ලබයි.
  • එය කලාපයේ මීළඟ පරම්පරාවට දිරිදීමක් මෙන්ම ආදර්ශයක් ද සපයනු ඇත.
  •   මෙම ලැයිස්තුවෙහි පිළිගැනීමට පාත්‍ර වූ එකම එකම ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාව සැන්ඩ්‍රා වන අතර ශ්‍රී ලාංකේය අත්යන්ත්‍ර සහ අත්කම් කර්මාන්තයේ කරන ලද සේවය වෙනුවෙන් ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් අතළොස්සෙන් කෙනෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 


Forbes විසින් ඔවුන්ගේ Forbes Asia 50 over 50 list හෙවත් Forbes ආසියා වයස 50ට වැඩි කාන්තාවන් 50 දෙනා අතරට සැන්ඩ්‍රා වඳුරාගලගේ නමද එක් කර ඇත.

Forbes 50 over 50

Forbes Asia 50 over 50 list මගින් ආසියා ශාන්තිකර කලාපයේ සිය කර්මාන්ත අංශවල ඉහළම තලයන්ට පැමිණි වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන් 50 දෙනෙකු නම්කරනු ලබයි. එය කලාපයේ මීළඟ පරම්පරාවට දිරිදීමක් මෙන්ම ආදර්ශයක් ද සපයනු ඇත.

 

මෙම ලැයිස්තුවෙහි පිළිගැනීමට පාත්‍ර වූ එකම එකම ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාව සැන්ඩ්‍රා වන අතර ශ්‍රී ලාංකේය අත්යන්ත්‍ර සහ අත්කම් කර්මාන්තයේ කරන ලද සේවය වෙනුවෙන් ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් අතළොස්සෙන් කෙනෙකි.

 

සැන්ඩ්‍රා වඳුරාගල  විසින් 1991 දී සිය නිවසේ ගරාජයක් තුළ 15 දෙනෙකු සමඟින් ආරම්භ කරන ලද Selyn අද වන විට රෙදි විවීමේ ශිල්පීන් ඇතුළු දහසකට අධික ප්‍රමාණයකින් සවිබලගැන්වූ ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරයකි.

Selyn යනු ශ්‍රී ලංකාවේ Fair trade සහතිකය ලත් එකම අත්යන්ත‍්‍ර රෙදිපිළි සමාගම ද ‌වේ.

වෘත්තියෙන් නීතිඥවරියක වන සැන්ඩ්‍රා වඳුරාගල  කුරුණෑගල Royal International School හි සම-නිර්මාතෘවරිය ද වේ.

(adaderana.lk)

JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...