The Leader News
BREAKING
Top Ad
Biz

ලංකාවට ලබන වසරේදී ධන ආර්ථික වර්ධනයක් !

T

The Leader Desk

December 5, 2023 • 2:44 PM

ලංකාවට ලබන වසරේදී ධන ආර්ථික වර්ධනයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 2019 සිට මේ වසර දක්වා අඛණ්ඩව වසර පහක් දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලන, අභියෝග හමුවේ සෘණ ආර්ථික වර්ධන වේගයක්
  • ඒ සඳහා වසර 2024 අයවැය යෝජනා බෙහෙවින් ඉවහල් වන්නේ යැයිද අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටියේය.
  • සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහනදායි ණය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන තිහක මුදලක්ද රජයෙන් රුපියල් බිලියන විස්සක මුදලක්ද මෙවර අයවැයෙන් වෙන් කොට ඇත.
  • ඊට අමතරව රට බංකොලොත් භාවයෙන් මිදීම සිදුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වාර්තා කළ ශ්‍රී ලංකාව, ලබන වසරේදි ධන ආර්ථික වර්ධනයක් අත් කරගනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ.ගුණසිරි ප්‍රකාශ කළේය.

ඒ සඳහා වසර 2024 අයවැය යෝජනා බෙහෙවින් ඉවහල් වන්නේ යැයිද අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටියේය.


දැවැන්ත අර්බුදයන්ට මුහුණ දෙමින් මේ වන විට ඇද වැටී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුව සහ රජය එක්ව පිරිනමන රුපියල් කෝටි පන්දහසක (රුපියල් බිලියන පනහක) සහනදායි ණය පහසුකමින් ලබන වසරේදී රටේ ආර්ථිකය රුපියල් කෝටි විසිපන්දහසකින් ( රුපියල් බිලියන දෙසිය පනහකින්) පිබිදෙනු ඇතැයි එම්.ජේ. ගුණසිරි අවධාරණය කළේය.  

 

රට බංකොලොත් භාවයෙන් මිදීම....

සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහනදායි ණය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන තිහක මුදලක්ද රජයෙන් රුපියල් බිලියන විස්සක මුදලක්ද මෙවර අයවැයෙන් වෙන් කොට ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ඉතා නුදුරේදී මෙරටට ලැබීමත් සමග ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මුල්‍ය වෙළෙඳ පොළෙන් ද්වි පාර්ශවීය සහ බහු පාර්ශවීය මුල්‍ය ආධාර ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව උදාවේ.

ඊට අමතරව රට බංකොලොත් භාවයෙන් මිදීම සිදුවේ. මේ දෙයාකාර සිදුවීම් හරහා නැවත වතාවක් ආර්ථික ක්‍රියාකාරකම් වේගවත්ව ඉදිරියට යාමට සුළු හා මධ්‍ය පරිමාණ අංශයට ජවය සැපයීමට සහනදායි ණය පහසුකම් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේය.

පස් ගුණයකින් ආර්ථික පිබිදීමක්....

එම යෝජනා ක්‍රියාත්මක කිරීමත් සමග පස් ගුණයකින් ආර්ථික පිබිදීමක් අපේක්ෂා කරන බව එම්.ජේ.ගුණසිරි ප්‍රකාශ කළේය.


වසර 2024දී රජයේ මුළු ආදායම ( බදු ආදායම්, බදු නොවන ආදායම් සහ ප්‍රධාන) ලෙස රුපියල් බිලියන හාරදහස් එකසිය විසි හතක් ( 4127) අපේක්ෂා කොට ඇත. මේ මුදලින්  බදු ආදායම් රැස් කරන රජයේ ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තව, ශ්‍රී ලංකා රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මගින් රුපියල් බිලියන තුන්දහස් අටසිය විස්සක් (3820) අය කර ගැනීමට ඉලක්ක කොට ඇත.


මෙම ප්‍රමාණයෙනුත් රුපියල් බිලියන එක්දහස් අසූවක් (1080) ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙනුත්, වෙළඳාම මත වක්‍ර බදු වශයෙන් රුපියල් බිලියන දෙදහස් දෙසිය තිස් පහක් (2235) ක්ද, විදේශ වෙළෙඳාම් මත බදු වශයෙන් රුපියල් බිලියන පන්සිය පහක් (505) අය කර ගැනීමට ඉලක්ක කොට ඇතැයි ඔහු කීය.

මෙලෙස බදු ආදායම වැඩි කර ගැනීමට යාමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙර වසරට සාපේක්ෂව සියයට දෙසීයක කාර්යක්ෂමතාවයක් ඇති කර ගනිමින් කටයුතු කළ යුතු යැයි කී ගුණසිරි මහතා ඔවුන් තම ඉලක්ක සපුරා ගැනීමට 2017 අංක 27 දරණ නව දේශීය ආදායම් පනත යටතේ කටයුතු කරනු ඇතැයිද සඳහන් කළේය.

ඒ අනුව වසර 2022-2023 වසර සඳහා කාර්තුමය පදනම මත නිසි පරිදි මහා පරිමාණ බදු ගෙවන්නන් නොගෙවා ඇති අති විශාල බදු මුදල අය කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුතු බව අවධාරණය කළ එම්.ජේ.ගුණසිරි, එවැනි දෙයක් සාර්ථකව සිදුකර ගත හොත් මෙවර අයවැයෙන් යෝජනා කළ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් ඇතුලු සියලු සුබ සාධන යෝජනා ජනවාරියේ සිටම ක්‍රියාත්මක කිරීමට පහසු වන බවද සඳහන් කළේය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...