The Leader News
BREAKING
Top Ad
Biz

දෑස් සුරකින Supreme Care මෙහෙයුම මැයි 17 තිරප්පනෙන් ඇරඹෙයි

T

The Leader Desk

May 11, 2023 • 9:43 AM

දෑස් සුරකින Supreme Care මෙහෙයුම මැයි 17 තිරප්පනෙන් ඇරඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික ජනතාවගේ අක්ෂි සුරක්ෂිතතාව වෙනුවෙන් සුප්‍රීම් ටීවි (Supreme TV) ගෙන එන දීප ව්‍යාප්ත වැඩසටහන මැයි මස 17 වැනි දින තිරප්පනෙන් ආරම්භ වේ.
  • ඒ අනුව ශ්‍රී ලාංකික ප්‍රජාවට සිය ගම් පළාත් වල පැවැත්වෙන සායනයන්ට හා අක්ෂි කඳවුරු වලට සහභාගි වී ඔබේ වටිනා දෑසත් පරෙස්සම් කර ගන්න  අවස්ථාව උදා වනු ඇත.
  • මෙම වැඩ සටහන සුප්‍රීම් කෙයාර් ( Supreme Care) සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් දියත් කරනු ලබන සමාජ සත්කාරක මෙහෙවරකි.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙම වැඩ සටහන සුප්‍රීම් කෙයාර් ( Supreme Care) සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් දියත් කරනු ලබන සමාජ සත්කාරක මෙහෙවරකි.

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් හී පූර්ණ අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මිලියන 44ක් වූ ඇස් සුරක්ෂිත කරන්නටත් අසරණ වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීමටත් මේ වන විට ''ජාත්‍යන්තර හෙල්පේජ්''හී ශ්‍රී ලංකාවේ නියෝජිතායනයේ සංවිධාන ශක්තියෙන් Supreme Care සමාජ මෙහෙවර ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු මේවනවිට සැලසුම් කර ඇත.

මෙම SUPREME CARE ව්‍යාපෘතිය හරහා දීප ව්‍යාප්තව වෛද්‍ය සහ අක්ෂි කඳවුරු සංවිධානය කර ඒ හරහා ජනතාවගේ දෘෂ්ටි ඌණතා හා ඇසේ සුද නිසා අන්ධභාවයට පත්වීමේ අවදානම මග හැරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම හරහා අඩු ආදායම් ලාභී බොහෝ පිරිසකට යලි සෞඛ්‍ය සම්පන්නව ලෝකය දෙස සුපැහැදිලි දෑසකින් බැලීමට වරම් උදා වනු ඇතැයි සංවිධානයකයින් විස්වාසය පළකරයි.

 

PHOTO 2023 05 11 14 26 05 1

''අපිව බලන ඔබේ වටිනා දෑස් අපිට දෑස් තරමටම වටිනවා '' යන තේමාව ඔස්සේ සුප්‍රීම් ටීවි නාලිකාව සමගින් හෙල්පේජ් ශ්‍රී ලංකා සංවිධානය එක්ව  කරන්නාවූ මෙම සුප්‍රීම් කෙයාර් සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ ඉදිරියේදී සෞඛ්‍ය කඳවුරු පැවැත්වෙන ගම් නගර පිළිබඳව පූර්ණ දැනුවත් කිරීම් සුප්‍රීම් ටීවි නාලිකාව ඔස්සේ සිදුකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලාංකික ප්‍රජාවට සිය ගම් පළාත් වල පැවැත්වෙන සායනයන්ට හා අක්ෂි කඳවුරු වලට සහභාගි වී ඔබේ වටිනා දෑසත් පරෙස්සම් කර ගන්න  අවස්ථාව උදා වනු ඇත.

supreme global holdings, සුප්‍රීම් ටීවී රූපවාහිනී මාධ්‍ය ජාලයේ මව් සමාගම වන අතර මේ වන විට සන්නිවේදන, භාණ්ඩ ප්‍රවාහන, කැණීම්, චන්ද්‍රිකා තාක්ෂණ, තොරතුරු තාක්ෂණ, බලශක්ති හා තවත් විෂයය ක්ෂේත්‍ර ගණනාවක් පුරා සිය ව්‍යාපාර ජාලය මේ වන විට පුළුල් කොට තිබෙන දේශීය සමාගමකි. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම විසින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම ට අන්තර්ජාතික වාණිජ ආයෝජන අවස්ථාවන් රාශියක් මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබෙන අතර මේ වන විටත් ව්‍යාපෘති රාශියක් ආරම්භ කිරීමට මූලික කටයුතු සම්පාදනය කරමින් සිටියි.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...