The Leader News
BREAKING
Top Ad
Biz

‘SVAT නිසා මෙරට රෙදි නිෂ්පාදකයන් ෆ්ලැට්’ - ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය

T

The Leader Desk

March 30, 2025 • 5:49 AM

‘SVAT නිසා මෙරට රෙදි නිෂ්පාදකයන් ෆ්ලැට්’ - ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සරල කළ අගය එකතු කළ බද්ද (Simplified value added Tax – SVAT) වෙනුවට යෝජිත අවදානම් පාදක මුදල් ආපසු ගෙවීමේ ක්‍රමය (Risk based refund system) ක්‍රියාත්මක වීමේදී ඇඟලුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය (ෆැබ්‍රික්) දේශීය සමාගම්වලින් නොගෙන විදෙස් රටවලින් ආනයන කිරීමට නිෂ්පාදකයන් පෙලඹෙනු ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු පැවැසුවේය.
  • එහිදී එම බදු සමඟ අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී ගෙවන බදු මුදල් නැවත ලබාදෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කීවත් එම දෙපාර්තමේන්තුව ඇතැම් නිෂ්පාදන සමාගම් සඳහා අවුරුදු 3ක් 4ක් පුරාවට රැඳවුම් මුදල් ආපසු නොගෙවා ඇති බව ඔහු කීවේ ය.
  • ඒ අනුව, දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් එවැනි තත්වයක් යළි මතු වුවහොත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය තුළ ගැටලු මතුවීමට ඉඩ ඇති බව ත් එවිට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වා ගැනීමට බැංකුවලින් ණය ගැනීමට සිදුවනු ඇති බව ත් ඔහු පැවසීය.
  • මේ අනුව, ඇඟලුම් නිෂ්පාදකයන් ඉන්දියාවෙන් හෝ චීනයෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට පෙලඹෙනු ඇති බව ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


අවදානම් පාදක මුදල් ආපසු ගෙවීමේ ක්‍රමය (Risk based refund system) ක්‍රියාත්මක වීමේදී සියයට 18ක වැට් බදු ගෙවා අමුද්‍රව්‍ය ලබා ගැනීමට සිදුවීම මීට හේතුව බවත් ඔහු කීය.

එහිදී එම බදු සමඟ අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී ගෙවන බදු මුදල් නැවත ලබාදෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කීවත් එම දෙපාර්තමේන්තුව ඇතැම් නිෂ්පාදන සමාගම් සඳහා අවුරුදු 3ක් 4ක් පුරාවට රැඳවුම් මුදල් ආපසු නොගෙවා ඇති බව ඔහු කීවේ ය.

ඒ අනුව, දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් එවැනි තත්වයක් යළි මතු වුවහොත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය තුළ ගැටලු මතුවීමට ඉඩ ඇති බව ත් එවිට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වා ගැනීමට බැංකුවලින් ණය ගැනීමට සිදුවනු ඇති බව ත් ඔහු පැවසීය.

මේ අනුව, ඇඟලුම් නිෂ්පාදකයන් ඉන්දියාවෙන් හෝ චීනයෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට පෙලඹෙනු ඇති බව ඔහු කීය.

එසේ ම, සුළු හා මධ්‍යම පරිමාණ ඇඟලුම් නිෂ්පාදන ව්‍යාපාරිකයන්ට ආර්ථික අර්බුද ඇතිවීම හේතුවෙන් පවතින මූල්‍ය ඌනතා හා ගැටලු නිසා අවදානම ඉහළ සමාගම් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වර්ගීකරණය වීමට ඉඩ ඇති බව ඔහු කීය.

එවැනි තත්ත්වයක් තුළ මාස ගණනක් පුරා ම නැවත ගෙවීම් ලැබෙන තෙක් බලාගෙන සිටීමට සිදුවේ නම් ඔවුන් අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයන කරනු ඇති බව ෆීලික්ස් ප්‍රනාන්දු  කීවේ ය.

එසේ ම, මේ හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන අඩුවනු ඇති බවත් හෙතෙම කීවේය.

කෙසේ වෙතත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යෝජිත නව අවදානම් පාදක මුදල් ආපසු ගෙවීමේ ක්‍රමය (Risk based refund system) යටතේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් ඉහළ, මධ්‍යම හෝ අඩු අවදානම් ලෙස වර්ගීකරණය කෙරේ.

මෙහිදී මධ්‍යම හා අඩු අවදානම් සහිත සමාගම් විධිමත් ක්‍රියාවලියකින් ප්‍රතිලාභ ලබන බව ත් දින 45ක කාල රාමුවක් තුළ වැට් බදු ආපසු ගෙවීම් ලබාගත හැකි බව ත් එම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.

එසේ ම, සරල කළ අගය එකතු කළ බද්ද (Simplified value added Tax – SVAT) වෙනුවට යෝජිත නව අවදානම් පාදක මුදල් ආපසු ගෙවීමේ ක්‍රමය (Risk based refund system) ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පෙන්වා දී ඇති අතර ඒ අනුව එම නව ක්‍රමය ඔස්සේ කටයුතු කරන ලෙස එම අරමුදල ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබේ.

( mawbima | Sachithra Perera)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...