The Leader News
BREAKING
Top Ad
Biz

විදේශීය ආයෝජකයින්ට ලබාදෙන දිරි ගැන්වීම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටත් ඉල්ලයි

T

The Leader Desk

April 1, 2025 • 2:47 PM

විදේශීය ආයෝජකයින්ට ලබාදෙන දිරි ගැන්වීම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටත් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ සභාපතිනී ටානියා එස් අබේසුන්දර
  • එහෙත් "අපේ උත්සාහය සහ ශක්තිය තිබියදීත්, මඟ පෙන්වීම අවශ්‍ය පිරිසක් ලෙස අපව සැමවිටම වරදවා වටහා ගෙන තිබෙනවා.
  • අපි රටේ සංවර්ධනයේ පිටුපස සිටින ශක්තියයි.අපි වැටුණොත් මේ රටේ ආර්ථිකය නිසැකවම බිඳ වැටෙනු ඇත.
  • අපගේ දායකත්වය සංඛ්‍යාමය වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට 52% කි 2018 දී අපි ඩොලර් බිලියන 48 කට වඩා දායක වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

විදේශීය ආයෝජකයින් දිරි ගැන්වීමට විවිධ සහන ලබා දෙන්නා සේ රජයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට සහන ලබා දෙන්නැයි, ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ සභාපතිනී ටානියා එස් අබේසුන්දර  රජයෙන් ඉල්ලීමක් කළාය.

ජාතික ආර්ථික දියුණුවට සුවිශාල දායකත්වයක් ලබාදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ වටිනාකම පැහැදිලි කරමින් සහ අනාගත දියුණුව උදෙසා රජයෙන් බලාපොරොත්තු වන සහන පිළිබඳව මාධ්‍යයට කරුණු දක්වමින් ඇය මේ බව කීවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,

රටේ ආර්ථිකයට බලාපොරොත්තුව සහ ජීවය ගෙන දෙන ශක්තිය අපියි. එහෙත් "අපේ උත්සාහය සහ ශක්තිය තිබියදීත්, මඟ පෙන්වීම අවශ්‍ය පිරිසක් ලෙස අපව සැමවිටම වරදවා වටහා ගෙන තිබෙනවා.

අපි මේ රටේ ආර්ථික කොඳු නාරටියයි... අපි රටේ සංවර්ධනයේ පිටුපස සිටින ශක්තියයි.අපි වැටුණොත් මේ රටේ ආර්ථිකය නිසැකවම බිඳ වැටෙනු ඇත.

අපි කවදාවත් ඍණාත්මකව හිතන්නේ නැහැ, අපි සැමවිටම රටේ ආර්ථිකය නඟා සිටුවීමට උත්සාහ කරනවා. මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් අප කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධානයක් කියලා.

අපගේ දායකත්වය සංඛ්‍යාමය වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට 52% කි

2018 දී අපි ඩොලර් බිලියන 48 කට වඩා දායක වී තිබෙනවා. අප අංශයේ අක්‍රීය ණය ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 3.4% කි.

2019 දී අපි ඩොලර් බිලියන 46 කට වඩා දායක වී තිබෙනවා. එම වසරේ අක්‍රීය ණය 10.4% ක් දක්වා වැඩිවී තිබෙනවා.

2020 දී අපි ඩොලර් බිලියන 45 කට වඩා දායක වී තිබෙනවා. අක්‍රීය ණය 13.9% කි. 2021 වසංගතයෙන් පසු, අපි ඩොලර් බිලියන 46 කට වඩා දායක වී තිබෙනවා. අක්‍රීය ණය 14.1% කි.

2022 දී රට බංකොලොත් යැයි කියන විට, අපි තවත් ඩොලර් බිලියන 38 කට දායක වී තිබෙනවා. අක්‍රීය ණය මට්ටම 36% කි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධානවලට පක්ෂව ක්ෂණික, කෙටි කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අපට අවශ්‍යයි.

ආර්ථිකයේ තිරසාරභාවය රඳා පවතින්නේ රටක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධාන මතයි. අපි රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබා දෙනවා පමණක් නොව ව්‍යාපාරවලින් 76% ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධාන වේ. අපගේ දායකත්වය මේ රටට මිලියන 4.5 ක ශ්‍රම බලකායකි.

(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...