The Leader News
BREAKING
Top Ad
Biz

ටොයෝටා Yaris, 141 වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක් !

T

The Leader Desk

July 12, 2023 • 7:05 PM

ටොයෝටා Yaris, 141 වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක රථ වාහන වෙළෙඳපොළේ ප්‍රබල සමාගමක් වන ‘ටොයෝටා’ සමාගම
  • මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ ‘යාරිස්’ වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයක් වන අතර 2020 ත් 2023 ත් අතර කාලයේ නිෂ්පාදනය කර ඇති ‘ටොයෝටා යාරිස්’ පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා තිබේ.
  • එම මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස නැවත කැඳවා ඇති බවත් අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් නම් එම රථ පරීක්ෂාකර ගැනීමක් කළ යුතු බවත් ඒ සමාගම කියයි.
  •  විශේෂ දැනුම්දීමක්....!
අකුරු ප්‍රමාණය (Font Size):

නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෝටර් රථ 8,000 කට ආසන්න සංඛාවක් නැවත කැඳවීමට තීරණය කර තිබේ.

මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ ‘යාරිස්’ වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයක් වන අතර 2020 ත් 2023 ත් අතර කාලයේ නිෂ්පාදනය කර ඇති ‘ටොයෝටා යාරිස්’ පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා තිබේ.

එම මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස නැවත කැඳවා ඇති බවත් අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් නම් එම රථ පරීක්ෂාකර ගැනීමක් කළ යුතු බවත් ඒ සමාගම කියයි.



 විශේෂ දැනුම්දීමක්....!

ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම විසින්, Corolla 141 සහ Yaris මෝටර් රථයන්හි, ඉදිරිපස මගී වා මලූව (Front passenger air bag) නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වි‌ශේෂ සේවා වැඩසටහනක් දියත් කර ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

ඒ අනුව තම පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් සහ මෙම වැඩසටහන සුමටව සහ කාර්යක්ෂම අන්දමින් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් , අදාළ බලපෑමට ලක් වූ මෝටර් වාහන පිළිබඳ විස්තරයක් සහ ක්‍රියාපටිපාටීන් ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම විසින් පහත අයුරින් දක්වා ඇත.

zdf3

තම පාරිභෝගියන් වෙත ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ තමන්ගේ මෝටර් වාහන, විස්තර සමඟ පරීක්ෂා කර බලා ඉහත නිර්ණායක සමඟින් අදාල මෝටර් රථයේ චැසි/ෆ්‍රේම් අංක ගැළපේනම්, ළඟම ඇති ටොයොටා ලංකා සේවා මධ්‍යස්ථානය වෙත ඔබගේ මොටර් රථය ගෙනැවිත් බාර දෙන ලෙසයි.

තව ද මෙම වැඩසටහන වෙනුවෙන් කිසිඳු ගාස්තුවක් අය නොකරන බව ද එම සමාගම පවසා සිටියි.

 Toyota

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...