The Leader News
BREAKING
Top Ad
Gossip

'ස්වාධින එකමුතුවේ' අසංග නවරත්න බිලිබාගන්න මහා රෑ මෙහෙයුමක් !

T

The Leader Desk

April 12, 2022 • 6:55 PM

'ස්වාධින එකමුතුවේ' අසංග නවරත්න බිලිබාගන්න මහා රෑ මෙහෙයුමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුවේ' මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සඳහා
  • ඒ අනුව ඊයේ (11) දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා තමන්වෙත දිනා ගනිමින්, ඔහුට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට බැසිල් රාජපක්ෂ කටයුතු කළේය.
  •   එම ජයග්‍රහණයෙන් දිරිමත් වූ බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයින් තිදෙනෙක් ඊයේ (11) මහ රෑ කුරුණෑගලට ගොස් පොලිසියේද සහය ලබාගනිමින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
  • අපවෙත වාර්තාවී ඇති පරිදි මෙම මෙහෙයුමට එක්ව ඇත්තේ ජයන්ත කැටගොඩ හා සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

බැසිල් රාජපක්ෂ විසින් මේවනවිට දැවැන්ත මෙහෙයුමක් ආරම්භකර ඇතිබව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඊයේ (11) දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා තමන්වෙත දිනා ගනිමින්, ඔහුට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට බැසිල් රාජපක්ෂ කටයුතු කළේය.

බැසිල් රාජපක්ෂ එම ජයග්‍රහණය අත්පත් කරගත්තේ, 'පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුවේ' නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර පැවති සමීප සම්බන්ධතාවය හා විස්වාසය ද පලුදු කර දමමිනි.  


එම ජයග්‍රහණයෙන් දිරිමත් වූ බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයින් තිදෙනෙක් ඊයේ (11) මහ රෑ කුරුණෑගලට ගොස් පොලිසියේද සහය ලබාගනිමින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. ඒ 'ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව' නියෝජනය කරන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංග නවරත්න බිලිබා ගැනීම සඳහාය.



අපවෙත වාර්තාවී ඇති පරිදි මෙම මෙහෙයුමට එක්ව ඇත්තේ ජයන්ත කැටගොඩ හා සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ය. රේණුක පෙරේරා මේවනවිට මිල්කෝ ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කරයි.

ඔවුන් තිදෙනා ඊයේ රාත්‍රී 11.00ට පමණ කුරුණෑගලට ගොස් අසංග නවරත්න මන්ත්‍රීවරයාගේ නිවාස සොයා ගැනීමට උත්සහකර එය අසාර්ථක වීමෙන් පසු මන්ත්‍රීවරයාගේ නිවාස සොයා ගැනීමට පොලිසියේ සහය ලබාගෙන ඇත. පොලිසිය විසින් මොවුන් තිදෙනා මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන ගොස් ඇතත් එහිදී දැනගන්නට ලැබී ඇත්තේ ඔහු එම නිවස අතහැර වෙනත් නිවසක පදිංචියට ගොස් ඇති  බවයි.

අනතුරුව පොලිස් නිලධාරීන් සමග අසංග නවරත්න මන්ත්‍රීවරයාගේ මෑණියන්ගේ නිවසට අද අලුයම ගොස් ඇති බැසිල් අනුගාමිකයින් තිදෙනා, ඇය මගින් මන්ත්‍රීවරයට දුරකථන ඇමතුමක් ලබාදී නිවසට එන මාර්ගය අසාගෙන තිබේ.

ඒ අනුව තිදෙනා මන්ත්‍රීවරයා පදිංචි නිවසට ගොස් ඇත්තේ අද අලුයම 2.00ට පමණය.

එහිදී ආණ්ඩුවට සහය දක්වන මෙන් අසංග නවරත්න මන්ත්‍රීවරයා ගෙන් ඉල්ලා ඇති බැසිල් රාජපක්ෂගේ නියෝජිතයින් තිදෙනා, ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබාදීමට බැසිල් රාජපක්ෂ එකඟතාවය පළකර ඇතැයි දන්වා තිබේ.


ආණ්ඩුවට එරෙහිව පවතින ජනතා විරෝධය හමුවේ ප්‍රසිද්ධියේ පාරටවත් බැසීමට නොහැකිව සැඟවී සිටින බව පවසා ඇති නවරත්න මන්ත්‍රීවරයා, බැසිල්ගේ නියෝජිතයින්ගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇත.

එහිදී එම නියෝජිතයින් වැඩිදුරටත් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් කිසිඳු ලෙසකින් අමනාපයක් ඇතිකර නොගන්නා ලෙසයි.

'' බැසිල් මහත්තයා මේ රටේ ජනාධිපති වෙනවා. එක නවත්තන්න ඔය කාටවත් බෑ . බැසිල් මහත්තයට ඔබතුමා වගේ දක්ෂයින් ඕන වෙලාතියනව. ඒ නිසා ඒ ගැනත් හිතල බලන්න..'' යයි කියමින් ඔවුන් නවරත්න මන්ත්‍රීවරයාගේ නිවසින් පිටව ගොස් ඇත්තේ අද (12) පෙරවරු 8.30ට පමණය.


සබැඳි පුවත් :

'ජනාධිපති විශ්වාසය කඩකළා' - ස්වාධින මන්ත්‍රීවරු ජනපතිගේ රැස්වීම වර්ජනය කරයි !\

 


The Leader TV අද වීඩියෝ 

 
 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...