The Leader News
BREAKING
Top Ad
Gossip

ලලිත් වීරතුංග රටපටවන අදහස පී.බී.ගේ වැඩක්!

T

The Leader Desk

October 9, 2020 • 12:08 PM

ලලිත් වීරතුංග රටපටවන අදහස පී.බී.ගේ වැඩක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කිරීමට
  • ජයසුන්දර බවට ජනාධිපති කාර්යාලය තුල රාවයක් පැතිර යමින් තිබෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
  • සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින් ඔහු එබව සඳහන් කර සිටියේ,  ''ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවට!'' යන ශීර්ෂයෙන් යුතුව theleader.lk හි පළවූ පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
  • ජනාධිපති ලේකම්තුමා බයවෙලා ඉන්නේ, ජනාධිපතිතුමා ලලිත් සර්ව ජනාධිපති ලේකම් කරයි කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරයාට යෝජනා කර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර බවට ජනාධිපති කාර්යාලය තුල රාවයක් පැතිර යමින් තිබෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින් ඔහු එබව සඳහන් කර සිටියේ,  ''ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවට!'' යන ශීර්ෂයෙන් යුතුව theleader.lk හි පළවූ පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

''අපි මේ නිව්ස් එක ගැන ලලිත් සර් ගෙන් ඇහුවා. ලලිත් සර්ට තානාපති ධුරයක් අරන් රටින් යන්න කිසිම අදහසක් නැහැ. ජනාධිපති ලේකම්තුමා බයවෙලා ඉන්නේ, ජනාධිපතිතුමා ලලිත් සර්ව ජනාධිපති ලේකම් කරයි කියලා.

ඇත්තටම ජනාධිපති කාර්යාලය මේ තරමින්වත් වැඩක් කෙරෙන්නේ ලලිත් සර් නිසා.

 පී.බී. සර්, ලලිත් සර් මෙහෙ ඉන්නවට වැඩි කැමැත්තක් නැහැ. එකයි ඇත්ත කතාව. ලලිත් සර් ළඟදීම අයෙත් සුපුරුදු විදියට වැඩ පටන් ගන්නයි යන්නේ'' එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :

වැඩිහිටි උපදේශකයින් තානාපති සේවයට :  ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවට! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...