The Leader News
BREAKING
ශ්‍රී ලාංකේය පාපන්දුවට නව යුගයක්!: ක්‍රීඩා ඇමති හා FIFA ප්‍රධානීන් අතර සාකච්ඡාවක්!●රසල් බ්‍රෑන්ඩ්ගේ නඩු විභාගයේදී හිටපු සහයිකාවගෙන් හෙළිදරව්වක්●කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්●කෘත්‍රිම බුද්ධි ගායිකාවකගේ 'ගැබ්ගැනීම' නිසා චීනයේ ඇවිළුණු අර්බුදය●උඩරට දුම්රිය මාර්ගය: පීලි හැදුවත් පොළොව ෂුවර්ද●ඩේවිඩ් බෝවීගේ අඩ සියවසක සැඟවුණු ප්‍රසංගය යළි කරළියට●කොස්ටාරිකාවෙන් සංවිධානාත්මක අපරාධ මැඩලීමට දැවැන්ත මෙගා බන්ධනාගාරයක්●නාවලපිටියේ ළිඳකින් හමුවූ කඳුකර කොටියා: අනතුරක්ද? ඝාතනයක්ද?●ඖෂධ මිල පාලනයට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි පියවරක්●මෝස්තර ලෝකයේ මිනිස් රැකියා AI ක්ලෝනවලට බිලිවේද?●
Top Ad
Economy

කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්

Awara

Awara

October 28, 2026 • 5:13 PM

කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්
නැව් ප්‍රමාද අවම කරමින් කොළඹ වරාය නවීකරණයට ඩොලර් මිලියන 17 ක ඇමරිකානු ප්‍රදානයක් හිමිවන බව පවසමින්, ඇමරිකානු තානාපති එරික් මේයර් ඔක්තෝබර් 27 දින කොළඹදී පැවති කලාපීය වැඩමුළුව අමතමින්.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිපිගොනු වෙනුවට තිරය මතින් සිදුවන මෙහෙයුම් මුහුද මැදින් පැමිණෙන භාණ්ඩ නැවක් වරායට ඇතුළු කරගැනීම සාමාන්‍යයෙන් විශාල කාලයක් වැයවන ලියකියවිලි සහිත ක්‍රියාවලියකි.
  • එය මෙරට ආනයන හා අපනයනකරුවන්ට අනවශ්‍ය ප්‍රමාද ගාස්තු ගෙවීමෙන් තොරව, භාණ්ඩ ඉක්මනින් වෙළෙඳපොළට මුදාහැරීමට ලැබෙන ඍජු අවස්ථාවකි.
  • වරාය මෙහෙයුම් වේගවත් වීමෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික ව්‍යාපාරවල තරගකාරීත්වය ශක්තිමත් වන බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු පෙන්වා දෙයි.
  • ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක සඳහන් කරන්නේ, වරායේ අනාගත පැවැත්ම තීරණය වන්නේ නව ජැටි ඉදිකිරීම මත පමණක් නොව, දැනට පවතින යටිතල පහසුකම්වලින් උපරිම කාර්යක්ෂමතාව ලබාගැනීම මත බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලිපිගොනු වෙනුවට තිරය මතින් සිදුවන මෙහෙයුම්

මුහුද මැදින් පැමිණෙන භාණ්ඩ නැවක් වරායට ඇතුළු කරගැනීම සාමාන්‍යයෙන් විශාල කාලයක් වැයවන ලියකියවිලි සහිත ක්‍රියාවලියකි. එම සම්ප්‍රදායික පමාව මඟහරවා, නැව කොළඹට ළඟාවීමටත් පෙර සියලු පරිපාලන අවසර ලබාගත හැකි නවීන ඩිජිටල් ජාලයක් කොළඹ වරායට හඳුන්වා දේ.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සංවිධානය කළ කලාපීය සමුළුවකදී මෙම තොරතුරු අනාවරණය විය. ඊට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින නියෝජනය කරන වරාය ක්ෂේත්‍රයේ ප්‍රධානීහු එක්ව සිටිති.

ඩොලර් මිලියන 17 ක මූල්‍ය ප්‍රදානයේ සැබෑ වාසිය

දකුණු ආසියානු වරාය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ ඇමරිකානු තාක්ෂණික සමාගම් එක්ව පැවැත්වූ සමුළුව විවෘත කළ වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක සහ ඇමරිකානු තානාපති එරික් මේයර්

ඇමරිකාව ලබාදෙන ඩොලර් මිලියන 17 ක ප්‍රදානය මූලික වශයෙන් පද්ධති දෙකක් වෙනුවෙන් වෙන්කෙරේ. නැව් පැමිණීම හා පිටත්වීම තනි ඩිජිටල් කවුළුවකින් කළමනාකරණය කරන 'Maritime Single Window' (MSW) පද්ධතිය ඉන් පළමුවැන්නයි.

දෙවැන්න වන්නේ රේගුව, ආගමන විගමන අංශ, වරාය පර්යන්ත සහ ව්‍යාපාරික ප්‍රජාව සජීවීව සම්බන්ධ කරන 'Port Community System' (PCS) ජාලයයි.

නැවට කලින් තොරතුරු ගලාඒම හේතුවෙන් නාවික රැඳවුම් කාලය අවම වේ. එය මෙරට ආනයන හා අපනයනකරුවන්ට අනවශ්‍ය ප්‍රමාද ගාස්තු ගෙවීමෙන් තොරව, භාණ්ඩ ඉක්මනින් වෙළෙඳපොළට මුදාහැරීමට ලැබෙන ඍජු අවස්ථාවකි.

දේශීය පාර්ශ්වයන්ගේ සහ නිරීක්ෂකයින්ගේ දැක්ම

නැව් සහ භාණ්ඩ මෙහෙයුම් කඩිනම් කෙරෙන නවීන ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කළ ඇමරිකානු තාක්ෂණික සමාගම් නියෝජිතයින් සමඟ ඇමරිකානු තානාපති එරික් මේයර් සාකච්ඡාවක නිරත වෙමින්.

වරාය මෙහෙයුම් වේගවත් වීමෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික ව්‍යාපාරවල තරගකාරීත්වය ශක්තිමත් වන බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක සඳහන් කරන්නේ, වරායේ අනාගත පැවැත්ම තීරණය වන්නේ නව ජැටි ඉදිකිරීම මත පමණක් නොව, දැනට පවතින යටිතල පහසුකම්වලින් උපරිම කාර්යක්ෂමතාව ලබාගැනීම මත බවයි.

කලාපීය තරගය සහ ආරක්ෂිත දත්ත හුවමාරුව

'ක්වාඩ් පෝර්ට්ස් ඔෆ් ද ෆියුචර්' (Quad Ports of the Future) වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියට ඇමරිකානු ප්‍රමුඛ තාක්ෂණික සමාගම් 11ක් සහභාගී වේ.

දත්ත ආරක්ෂණය, සයිබර් සුරක්ෂිතතාව සහ භාණ්ඩ ලුහුබැඳීම (Cargo Tracking) සම්බන්ධයෙන් වන නවීන මෙවලම් මෙහිදී යෝජනා කෙරේ. ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධාන සැපයුම් දාමයන් ශක්තිමත් කිරීම මෙන්ම, කලාපීය වෙළෙඳ හුවමාරුවේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය සතු ස්ථානය සුරක්ෂිත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...