The Leader News
BREAKING
විදෙස් ප්‍රේෂණ සහ සංචාරක පැමිණීම් ඉහළට: සංචිත ශක්තිමත් වෙයි●අජිත් ධර්මපාලගේ නුවර නිවසට මැදියම් රැයේ ගිනි තබයි●සපුගස්කන්දෙන් ඩොලර් බිලියනයක් ඉතිරිවෙද්දී සිනොපෙක් ගිවිසුම අර්බුදයක●චෙම්මනි අන්තර්වාර වාර්තාව ප්‍රතික්ෂේප වෙයි: ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා 17 විරෝධතාවක්●ගල්ෆ් වාහන වෙළෙඳපොළට හම්බන්තොටින් නව ආරක්ෂිත මුහුදු මාවතක්●අඩුපීඩන අවදානම හමුවේ කොළඹ ගංවතුරට ඒකාබද්ධ මෙහෙයුමක්●ට්‍රිලියන 2ක හිල වහන්න 2027 අයවැයට පුළුවන්ද?●අලි–මිනිස් ගැටුමට මාරක උගුල්: අග්බෝ දිවි ගලවාගනී●සංවර්ධන නිලධාරීන් අද ලෙඩ නිවාඩු: වෛද්‍යවරුන් හෙට පාරට● නව ආරක්ෂක කෙටුම්පත් හමුවේ GSP+ සහන අවදානමකද?●
Top Ad
Economy

විදෙස් ප්‍රේෂණ සහ සංචාරක පැමිණීම් ඉහළට: සංචිත ශක්තිමත් වෙයි

Awara

Awara

November 9, 2026 • 1:43 PM

විදෙස් ප්‍රේෂණ සහ සංචාරක පැමිණීම් ඉහළට: සංචිත ශක්තිමත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදෙස්ගත ශ්‍රමිකයන් එවන ඩොලර් ප්‍රවාහය සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය හමුවේ රටේ විදේශ මුදල් සංචිතය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා දර්ශක අනුව, ඔක්තෝබර් මස අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 7,086 සීමාව ඉක්මවා ගොස් ඇත.
  • ඩොලර් බිලියන 7.6ක් එවූ ශ්‍රමිකයෝ 2026 ඔක්තෝබර් මාසයේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 735.6 කි.
  • වසරේ ඔක්තෝබරයේ ලැබුණු ඩොලර් මිලියන 712.0 ට සාපේක්ෂව මෙය පැහැදිලි වර්ධනයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

විදෙස්ගත ශ්‍රමිකයන් එවන ඩොලර් ප්‍රවාහය සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය හමුවේ රටේ විදේශ මුදල් සංචිතය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා දර්ශක අනුව, ඔක්තෝබර් මස අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 7,086 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඩොලර් බිලියන 7.6ක් එවූ ශ්‍රමිකයෝ

2026 ඔක්තෝබර් මාසයේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 735.6 කි.

2025 වසරේ ඔක්තෝබරයේ ලැබුණු ඩොලර් මිලියන 712.0 ට සාපේක්ෂව මෙය පැහැදිලි වර්ධනයකි.

වසරේ මුල් මාස 10 සැසඳීමේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 7,600.9 (බිලියන 7.6) ඉක්මවා ඇත්තේ පසුගිය වසරට වඩා සියයට 16.5 ක ඉහළ පිම්මක් සටහන් කරමිනි.

සංචාරකයින් ලක්ෂ 1.6ක් පැමිණෙයි: කොටස් වෙළෙඳපොළට පණක්

සංචාරක පැමිණීම්ද ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරමින් ඔක්තෝබර් මාසය තුළ සංචාරකයින් 168,625 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

සැප්තැම්බර් මාසයේ වාර්තා වූ 158,557 ට මෙන්ම පසුගිය වසරේ සමාන කාලයට වඩා මෙවර සංචාරක ආකර්ෂණය ඉහළ ගොස් තිබේ.

මේ අතර ආයෝජක විශ්වාසය තහවුරු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 21,239.65 ක් දක්වා සියයට 5.45 කින්ද, ප්‍රමුඛ සමාගම් නියෝජනය වන S&P SL20 දර්ශකය ඒකක 6,045.38 ක් දක්වා සියයට 5.20 කින්ද සතිය තුළ ඉහළ ගොස් ඇත.

අවධානය යොමු විය යුතු වෙළෙඳ හිඟය

ආර්ථිකයේ මතුපිටින් පෙනෙන මෙම යහපත් ප්‍රවණතා මධ්‍යයේ, රට තුළින් පිටතට ඇදී යන ඩොලර් වියදම හමුවේ වෙළෙඳ පරතරය පුළුල් වී තිබීම විශේෂඥයන්ගේ අවධානයට ලක්ව ඇති කරුණකි.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 10,754.0 ක් දක්වා සියයට 5.3 කින් වර්ධනය වුවද, ආනයන සඳහා වැයවූ මුදල සියයට 21.3 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 18,665.7 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ හේතුවෙන් රටින් පිටතට ගිය මුදල සහ රට තුළට පැමිණි මුදල අතර පරතරය හෙවත් වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 7,911.7 ක් දක්වා වර්ධනය වී තිබේ.

වසර ආරම්භයේ සිට නොවැම්බර් 06 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 6.7 කින් අවප්‍රමාණය වීමට මෙම ආනයන වියදම් ඉහළ යාම සෘජුව බලපා ඇති බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.


(සටහන - ජේ. මුණසිංහ)

මූලාශ්‍ර සබැඳි

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාව (Weekly Economic Indicators):

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...